Thursday, January 26, 2012

නිදහස් අධ්‍යාපනය දිවුහිමියෙන් රෑකගත් සිසු විරුවො.......බාල්දු කරන අපෙ මොඩයන්......පිලිබද අත්දෑකිමක්.......


 අද මා ක්‍රිකට්.......ගසන්නට පිට්ටනියට යනවිට.....අපෙ එක්තරා යාලුවෙක් පාසල නිම වි එනවිට ම් අරියාදුවට මෙන් මගෙන් මෙසෙ ඈසිය............අර උබලාගෙ ජෙප්පන්ගෙ පිලිමෙකට බොම්බ ගහලාලු නෙද????/හොද වෑඩෙ ඔකුන්ට...කට නිසා නෑහෙනවා...........මම කිසිත් නොකියා හිස වෑනිය......නමුත් මම පසුව මෙසෙ ඈසිය ........එයාලා මෑරිලා හරි නිදහස් අධ්‍යපනය රෑක නොගත්තා නම් අද උබලා ඔහොම....ජොලියෙ ඉස්කොලෙ යන්නෙ නෑ නොමිලෙ නිල ඈදුම් දෙන්නෙ නෑ කියාය එහෙත් උට තෙරුම් නෑතිව යන්නට ගියෙය.....මම පසෙකට ගොස් ඉදගෙන කල්පනා කලෙමි සෑබෑවටම මෙ වගෙ ගොන් හරකුන් මොකොට ඉපදුනාද යන්නයි......එදා......හෙරත්,වෙනුර,නිශ්මි වෑනි සහොදරවරුත් මුන් වගෙ හිතුවා නම්.......අනෙ මන් මෙ මොකටද ඔන් නෑති මගුලකට මෙ මෑරෙන්නෙ යෑයි සිතුවානම් අද නිදහස් අධ්‍යාපනය මාරකට් එකෙ හොදට විකිනෙන වෙලද බාන්ඩයකි....එදා....පස්චාත් බාගයෙන් කටු කම්බි බස්වනකොට.........අතෙ නියපොතු ඈගිලි......ගලවනකොට...... සහොදරවරියන් ප්‍රසිද්දියෙ දුශනය කරනකොට......එ සහොදර සහොදරියන් එසෙ හිතුවානම් අද නිදහස් අධ්‍යාපනෙ නමට පමනක් සිමා වු දෙයකි..........මම පසුව හිත හදා ගත්තෙමි..........මෙ මොඩ ගොන් ආතල් මෑට්ටො......දන්නෙ....අම්මා තාත්තා කියන දෙ අසාගෙන ඔහෙ කතා කරන වයින් කරන ගිරවුන් සෙය.........අර සිසු විර ගීයෙ එන.......කොටසක් මට සිහිවිය...
අයුක්තියෙ පටපිලි දරන සිගාලයන් නිරුවත් කල වරදට....දෙශන ශාලා සිරකදවුරු කර........අසත්‍ය්යෙ......මලගම සරසන්නට ඔබගෙ මලගම සදකඩ පහනකි...........

මම අර වගෙ ගොන් මෑට්ටන්ගෙන් ඉල්ලන්නෙ......උබලා මොහොතක් අර දිවි පුදපු සහොදර සහොදරියන්ගෙ කතාව උබලාහෙ ගොන් හිත නිරුවත් කර...හොයපල්ලා වෙනුර අයියා පන අදිනකොට අතෙ ලෙ වලින් මොක්කද මොක්කද බිත්තියෙ ලියුව්වෙ කියලා....
.

(ඈමරිකන් හරකුන්...එලවමු )ලොක පොන්සියා.....වන ඈමරිකාවේ නපුන්සක වෑඩ....

ඇමරිකාව යුද්දයට දක්ෂ රටක් නොවේ... සට කපට රහස් ඔත්තු සේවා දෘෂ්ඨි මායාවන් සහ තාක්ෂණය යොදාගෙන කරන අහස පොළව නුහුසුළන අපරාධ නිසා විනා භූමියේ සටන් සරඹ හුරුව නිසා ඔවුන් කොතැනකවත් ලැබූ ජයක් නැත... 1945 දී ජපානයට පොළව නූහුලන තිරිසන් කමක් දෙවතාවකට නොකර, භූමි සටනකින් ජපානය යටත් කරන්නට වෑයම් කරා නම් රණකාමී ජපනුන් අතින් කන කෑම ඇමරිකාව හිඟමනට වට්ටන එකක් වනු ඇත.. ජර්මනිය හමුවේද, සුප්‍රකට D - දිනයේ මිත්‍ර හමුදා ප්‍රංශයට ගොඩ බැසීමේදී වැඩියෙන්ම බැට කෑවේ සහ බියගුළු බවක් ප්‍රකට කළේ ඇමරිකන් හමුදා වන අතර, එයින් පසුවද මඩ වගුරු වල එරි, එරී ප්‍රහසන කරමින් සිටියදී, අයෝමය ආත්ම ශක්තියෙන් පිරිපුන් සෝවියට් වරුන් නැගෙනහිරින් පැමිණ බර්ලිනය යටත් කොට යුද්දය නිමා කළහ.. නැත්නම් ඒකත් නැති වන්නට තිබිණි... වියට්නාමයේදී සහ කොරියාවේදී ම්ලේච්ඡ ගුවන් සහ රසායනික ප්‍රහාර වගුරුවා දමා වත් දිළිඳු ගොවි පුතුන් එල්ල කළ ප්‍රහාර මැඩ ගන්නට නොහැකි වූ අතර, වියට්නාමයේදී ඔවුහු ස්වදේශිකයන් අතිනුත්, කොරියාවේදී චීන ගොවි හමුදා අතිනුත් පහර කා ලොවම හිනස්සමින් පළා ගියෝය.. එතැන් පටන් ඔවුන් අනුගමනය කලේ දිගින් දිගටම ගුවනට වී සිට සතුරන්ට ඇස නොගැසෙන මානයෙන් පහර දී, සතුරු රටවල ගම්, නගර පිටින් ජනයා දවා අලු කොට ජය ගන්නා දීන ප්‍රතිපත්තියයි.. එයද ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ "බිමට බැස්ස" දා සිට වැරදුණු අතර, මේ වනවිට හත් පොළේ ගාගෙන සිටිති... සැබෑ රණ බිමකදී ඇමරිකානුවන් හඬන බියගුල්ලන් වන අතර, ඉන්පසු සකළ විධ මනෝ රෝග සෑදී ගෙදර ගොස් ප්‍රතිකාර ගනිති.. ඒ නිසා නිසි ගුවන් ආරක්ෂණ පද්ධතියක් තිබේ නම් ඉරාන ජනතාවට නුදුරේදී එළඹෙන යුද්දය ජයගෙන, ඔය පාදඩ චාරිකාව ඔතනින් අවසන් කළ හැක.............

...................................

...............................................................................

...........................................................ඇමරිකාව හැමවිටම යුද්දයක් අනා ගත් පසුව ඇතිවන විලි ලැජ්ජාවෙන් මුදවා ගන්නට ඉදිරිපත් වන්නේ "හොලිවුඩ්" සිනමාවයි.. වියට්නාමයෙන් පහර කා පැන දිවූ පසු "රම්බෝ" වැනි ගෙම්බෝ අප හමුවේ තැබූහ... කොරියාවේදී පහර කෑ පසු තව මොකෙක්ද එකෙක් පාත් විය... යළිත් වියට්නාමයේදී "ප්‍රිඩේටර්" පාත් විය.. ( ඒකෙන් උන් කියන්න හැදුවේ පිටසක්වළ ජීවීන් නිසා උන්ට පරදින්නට සිදුවූ බවය.. ) .. ඉන් පසුව කොරියාවට "මිසින්ග් ඉන් ඇක්ෂන්" පොරවල් පහත් විය...ඇෆ්ගනිස්ථානයට "අයන් මෑන්" පහත් විය... ජපාන රණකාමීන් හමුවේ ශාන්තිකර සහ ඉන්දු සාගර කළාපයේ ලැබූ පරාජයන් වසා ගන්නටද එක, එකා පහත් විය... පර්ල් වරායේ වූ නිරුවත් වීම වසා ගන්නට එය පෙම් කථාවකින් යට කර දැම්මේ අන්තිමට පණ බේරාගෙන එන කොල්ලා කෙල්ලට හාදුවක් දී වැඩේ ෂේප් කිරීමෙන්ය... කියුබාවේ Bay of Pigs හි අනා ගත්තාට පසුව කියුබාවටත් එක, එකා ඇරියේය.. ඒ අතර "කමාන්ඩෝලා" සහ "බෑඩ් බෝයිස්ලා" විය..වියට්නාමයෙදි..............ඈමරිකානු සොල්දාදුවන්............කොතරම්......මනසික......අතතියකට.............ලක්වුවාදෑයි.......

දෑනගෑනිමට.........................ප්ලෑටූන් චිත්‍රපටයෙ එන පහත විඩියොව නරඹන්න.......................................මගෙ අවන්ක ස්තුතිය..........දමිත් කේතක සොයුරාට.............ww.youtube.com/watch?v=B4_3FOW0jQs.

Wednesday, January 25, 2012

දිලිදු ගොවිපුතුන්ගෙන් නිර්මානය උනු වියට්නාම් ජනතා හමුදාව

එක්සත් ජනපදයට........තම ඈදුමේ........මලපහ පිටවි මනසික රොගින් බවට පත්විමට තරම් දරුණු ගරිල්ලා....ප්‍රහාර.....එල්ලකෙරු...........දිළිදු ගොවිපුතුන්ගෙ.........මහා බලයෙන් ගොඩ නෑගුනු......ව්යට්නාමයෙ ජනතා හමුදාව.......එක්සත් ජනපද කද පණුවන්.........එලවු එකම ආසියාතික රට......සමාජවාදි වියට්නාමය.........ඔනෑම රටක් බලවත් වන්නේ සමාජවාදය තුලින් පමණි.....

හෝ මාමාගෙ වියට්නාම් විප්ලවය




හෝ චී මින් සහෝදරයා හෙවත් කොමරේඩ් හෝ චිමින් මුළු මහත් ආසියාවටම ආඩම්බරයක්‌ වූ තවත් එක්‌ අසිරිමත් දේශපාලන නායකයෙකි.

තම මවගේ උපන් ගම වූ ඉන්දු චීන ප්‍රාන්තයේ හොවැං ට්‌රූ (Hoang Tru) හිදී ඔහු උපන්නේ 1890 මැයි 19 වැනිදාය. උපතේදී ඔහු ලද නම ගුයෙන් සින් කුන් (Nguyen Sinh Cung) විය. එවකට වියට්‌නාමය ප්‍රංශ අධිරාජ්‍යයේ යටත් විජිතයක්‌ව පැවැතිණි. සින් කුන් කුඩා කල සිටම නිවසෙහි පරිසරය ප්‍රංශ විරෝධී විය. කොන්µsයුසියස්‌ භක්‌තිමතකු සහ ගුරුවරයකු වූ සින්ගේ පියාට ගුරු වෘත්තිය අහිමි වූයේ ඔහු ප්‍රංශ භාෂාව දැන නොසිටීම හේතුවෙනි. ඔහු ප්‍රංශ භාෂාව ඉගෙනීම ප්‍රතික්‍ෂේප කළේ ප්‍රංශ රාජ්‍යයට ගැති වීම පිළිකෙව් කළ නිසාවෙනි. එහෙත් ඔහු තම බාල පුත්‍රයා සින් කුන් ඇතුළු දරුවන්ට ප්‍රංශ භාෂාව උගන්වන්නට උනන්දු වූයේය. ඒ ප්‍රංශ භාෂාව දැන සිටීම ප්‍රංශයට එරෙහිව ක්‍රියාකාරී වීමේදී අනිවාර්යයෙන් ම උපකාරී වන බැවිනි. කුන් ගේ එකම සහෝදරිය බැච් ලියෙන් (Bach Lien) පසුකාලීනව ප්‍රංශ හමුදාවේ ලිපිකාරිනියක වූවාය. ඇය ප්‍රංශ හමුදාවෙන් අවි ආයුධ සොරකම් කළ චෝදනාවට වැරැදිකාරිය වී ජීවිතාන්තය දක්‌වා සිර දඬුවමකට නියම වූවාය. ඇය ආයුධ සොරකම් කොට තිබුණේ වියට්‌නාම් නිදහස්‌ සටන වෙනුවෙනි.

සින් කුන් ඉගෙනුමෙහි දක්‍ෂ දරුවකු වූයේය. ත්‍රාසජනක අත්දැකීම් ලබන්නට ප්‍රිය කළ මොහු සරුංගල් යවන්නට සහ මාළු අල්ලන්නට ද මහත් රුචියක්‌ දැක්‌වූයේය. කොන්ෆියුසියස්‌ ධර්මයට අනුව වයස අවුරුදු දහයේදී 'සින් කුන්' යන නම නැවත වෙනස්‌ කළ යුතු විය. එහිදී පියා ඔහුට දුන් අලුත් නම 'ගුයෙන් ටැට්‌ තාං' නම් විය. එහි අරුත 'කුසලතා පූර්ණ ගුයෙන්' යන්නයි.

ලයිසී (Lycee) නම් පාසල් මාතාව තු=රුලෙහි ටැට්‌ තාං ප්‍රංශ භාෂාව ප්‍රගුණ කළේය. පසුකාලීනව ඔහුගේ විප්ලවයේ ප්‍රබල කොටස්‌කරුවන් බවට පත් වූ 'ජෑම් වැන් ඩොං' සහ 'චෝ ගුවෙයන් ගියෑප්' එම පාසලෙහි ම ශිල්ප උගත් ඔහුගේ සමකාලීනයන් ය. එම පාසල් අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් පසු 'ටැට්‌ තාං' ටික කලක්‌ ගුරු වෘත්තියෙහි නියෑළුණි. වයස අවුරුදු 22 දී එනම් 1912 වසරේදී නැව් නැගුණු ටැට්‌ ඇමරිකාව බලා පිටත් වූයේ අරක්‌කැමියකුගේ අත් උදව්කරුවකු ලෙසටය.

එහිදී ඔහුට ඇසුරු කරන්නට ලැබුණු "මාකස්‌ ගාවේ" නම් කළු ජාතිය වෙනුවෙන් ක්‍රියාකාරී දේශපාලනයෙහි නියෑළී සිටි ජැමෙයිකානු පුවත්පත් කලාවේදියා සහ කොරියානු ජාතිවාදීන් කිහිපදෙනකු නිසා ඔහුගේ දේශමාමක හැඟීම් වඩාත් ප්‍රබල විය. අනතුරුව එංගලන්තයට ද එතැනින් ප්‍රංශයට ද අරක්‌කැමියකු ලෙස සංක්‍රමණය වූ zටැට්‌Z වඩාත් හොඳින් ප්‍රංශ භාෂාව උගත්තේය. ස්‌වාධීන වියට්‌නාමයක්‌ පිළිබඳ සිහිනය ඒ වන විටත් ඔහු සිත තුළ ඉපැදී තිබිණි. ප්‍රංශයේදී දේශපාලන විද්‍යාව උගත් ටැට්‌ කාල්මාක්‌ස්‌ වැනි කොමියුනිස්‌ට්‌වාදීන්ගේ පොත පත කියෑවූයේ ය. 1920 දී ප්‍රංශ කොමියුනිස්‌ට්‌ පක්‍ෂය පිහිටුවීමේදී ටැට්‌ පුරෝගාමී වූයේ එහි ප්‍රතිඵලයක්‌ හැටියටය.

"සෑම කොමියුනිස්‌ට්‌වාදියකුම තම රටට ආපසු පැමිණිය යුතුව තිබෙනවා. අපේ රටේ ජනතාව අවදි කරන්නට සංවිධානය කරන්නට හා නිදහස්‌ වියට්‌නාමයක්‌ බිහිකිරීම සඳහා ඔවුන් සටනට යොමු කරන්නට අප සැම එක්‌ව ක්‍රියාකාරී විය යුතු යුගය එළැඹ තිබෙනවා."

1924 වසරේදී ටැට්‌ සෝවියට්‌ දේශයේ සිට තම මිතුරකුට එලෙස ලියා එවා තිබුණි. රුසියාවේ සිට ආපසු වියට්‌නාමයට නොගොසින් "ටැට්‌" ගියේ චීනයටය. චීනයේ වියට්‌නාම් මායිමට ය. ඒ එහි රැඳී සිටිමින් වියට්‌නාම් විප්ලවය සංවිධානය කරනු පිණිස ය. ආපසු වියට්‌නාමයට ගිය හොත් නිරනුමානවම තමා ප්‍රංශ රජයේ සිරකරුවකු වන බව ඔහු දැන සිටියේය.

මේ අතර සාම සාකච්ඡා වාරයක්‌ සඳහා බටහිර බලවේගයන් වෙත පෙත්සමක්‌ යවමින් ටැට්‌ කියා සිටියේ ප්‍රංශ අධිරාජ්‍යය වියට්‌නාම ජනතාව සම්බන්ධයෙන් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටින බවයි. වියට්‌නාමයෙන් ප්‍රංශ ජාතිකයන් ඉවත් කොට ඔවුන් නව ජාතික රජයක්‌ යටතේ තබන්නැයි ද ඔහු එකී පෙත්සමෙන් කියා සිටියේය. එහෙත් ටැට්‌ ගේ පෙත්සම නොසලකා හැරිණි.

යටත් විජිතවාදයට එරෙහිව නැගී සිටි හෙතෙම ඒ වන විටත් වියට්‌නාමයේ ජාතික වීරයකු බවට පත්ව සිටියේය. 1925 වර්ෂයේදී සැඟවී හිඳිමින් ටැට්‌ සැලසුම් කළේ තම රටෙන් ප්‍රංශ හමුදාව නෙරපා දමන ආකාරයයි. 1926 ඔක්‌තෝබර් 18 දා ඔහු චීනයේදී චීන කාන්තාවක සමඟ විවාහ වූයේය. ඒ පක්‍ෂයේ සමහර සහෝදරවරුන්ගේ විරෝධය මධ්‍යයේ ය. ඒ වන විට ඔහුගේ වයස 36 ක්‌ වූ අතර ඇයගේ වයස අවුරුදු 21 කි.

"මට චීන භාෂාව හොඳින් ඉගෙන ගන්නටත් ගෙදරක්‌ පවත්වා ගෙන යන්නටත් ගැහැනියක්‌ අවශ්‍යයි" විරුද්ධ වූවන්ට ඔහු එසේ පැවසුවේය.. මේ විප්ලවකාරයා කොයි මොහොතේ චීනයෙන් අතුරුදන් වේදැයි යනබිය නිසා ඔහුට දාව කුලුඳුලේ පිළිසිඳුණු දරුවා නැන්දණිය විසින් ගබ්සා කරවූ බව කියෑවේ. 1931 දී හොංකොං හිදී ඔහු නැවතත් අත්අඩංගුවට ගැනිණි. මෙහිදී බ්‍රිතාන්‍ය රජය ඔහු ප්‍රංශ පාලනයට භාරදෙනු වෙනුවට අත් අඩංගුවේදී මියගිය බව ප්‍රකාශ කළේය. එහෙත් 1933 ජනවාරි මාසයේදී බ්‍රිතාන්‍යය ඔහු නිදහස්‌ කොට හැරියේය. එතැනින් ඉතාලියටත්, එහි සිට රුසියාවටත් සංක්‍රමණය වූ හෙතෙම 1938 දී නැවත චීනයට පැමිණියේය. එහිදී ඔහු අවි ගත් චීන කොමියුනිස්‌ට්‌ හමුදාවට ද උදව් උපකාර කළේය. ගුයෙන් ටැට්‌ "හෝ චිං මිං" වූයේ 1940 වසරේදීය. "හෝ" යනු වියට්‌නාම් ජාතිකයන් අතර සුලබව භාවිත වූ වාසගමකි. චිං මං යන්න ආලෝකය රැගෙන එන්නා යන අරුත වෙයි.

1940 සැප්තැම්බර් මාසයේදී ජපාන හමුදාව ඉන්දු - චීන සීමාව ආක්‍රමණය කොට තිබිණි. ඒ වන විට පැරිසියේ ජර්මානු හමුදාව කඳවුරු බැඳ සිටියහ. වියට්‌නාමයේ සිටි ප්‍රංශ හමුදාව සටන් නොවැදී ජපන් ජාතිකයන්ට යටත් විය.

මේ සුදුසු අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත් හෝ චි මිං සහෝදරයා තම ජන්ම භූමිය නිදහස්‌ කර ගැනීම උදෙසා වියට්‌මින් (Vietminh) සංවිධානය ස්‌ථාපිත කළේය. ඔවුන්ගේ ප්‍රථම ගරිල්ලා සටන සිදු වූයේ ජපන් හමුදාවට විරුද්ධවය. මෙහිදී රුසියාවෙන් වියට්‌මින් හමුදාවට යුද ආධාර ලැබිණි. ජපාන ජාතිකයන් ඇමරිකාවේ පර්ල් වරායට බෝම්බ හෙළීමෙන් අනතුරුව වියට්‌මින්වරුනට ඇමරිකාවේ සහාය ද ලැබිණි. දෙවැනි ලෝක යුද සමය තුළ සිදු වී තුච්ඡතම සිදුවීම වූQ ජපානයේ හිරෝෂිමා, නාගසාකි නගරවලට ජර්මානු හමුදාව විසින් න්‍යෂ්ටික බෝම්බ හෙළනු ලැබීමත් සමඟ ජපානයේ බලය බිඳ වැටිණි. මේ අවස්‌ථාව හෝ චි මිං ගේ වියට්‌මින් හමුදාවට ශක්‌තිමත් වීමට හොඳ ඉඩකඩක්‌ ලබා දුන්නේය.

1945 සැප්තැම්බර් මාසයේදී හෝ චිමිං වියට්‌නාම් ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්‌ඩුව ප්‍රකාශයට පත් කළේය. 1945 සිට 1955 දක්‌වා ම හෝ එම රජයෙහි අගමැති ධුරය දැරුවේය. එහෙත් ප්‍රංශය හෝ ගේ නායකත්වය පිළිගන්නට සූදානම් වූයේ නැත. මේ අතර එක්‌සත් ජනපද ජනාධිපති µaරැන්ක්‌ලින් රුස්‌වෙල්ට්‌, බ්‍රිතාන්‍ය අගමැති වින්ස්‌ටන් චර්චිල් සහ රුසියානු ජනාධිපති ජෝශප් ස්‌ටාලින් පෝස්‌ට්‌ඩෑම්හිදී සාකච්ඡාවක්‌ පවත්වා වියට්‌නාමය පිළිබඳ තීරණයක්‌ ගෙන තිබිණි. ඒ වියට්‌මින් හමුදාවටත් හොර රහසේ ය. යුද්ධයෙන් පසුව වියට්‌නාමය දෙකට බෙදා උතුරු වියට්‌නාමය චීනයටත්, දකුණු වියට්‌නාමය බ්‍රිතාන්‍යයටත් පාලනය කිරීමේ අයිතිය ලබා දෙන්නටයි ඔවුන් සැලසුම් කොට තිබුණේ. එහෙත් හෝ චි මිං සටන අතහැරියේ නැත. ඔහු චීනයේ මා ඕ සේතුංගේ ගරිල්ලා සටන් ක්‍රම අනුගමනය කරමින් ඒ අති දුෂ්කර සටන දිගටම ගෙන ගියේය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ප්‍රංශය නැවත වියට්‌නාමය තුළ ස්‌ථාපිත වන්නට උත්සාහ කළේය. එහෙත් ප්‍රංශ හමුදාව වියට්‌නාමයෙන් ඉවත් කර දෙන බවට බ්‍රිතාන්‍යය එකඟ වී තිබිණි. ඒ සමඟ චීනයට ප්‍රංශය වෙතින් එල්ල වන හානි නවතාලන බවට පොරොන්දු වෙමින් චීන හමුදාව වියට්‌නාමයෙන් පිට විය. දැන් සටන වියට්‌මින් සහ ප්‍රංශ හමුදාව අතරය.

කළු හැඳගත් වියට්‌මින් ගරිල්ලන් දස දහස්‌ ගණනින් එක්‌ව ප්‍රංශ හමුදාවට විරුද්ධව සටන් වැදුණේ දැඩි විනය නීති රීති යටතේය.දුෂ්කර ගම්මානවල ගොවි ජනතාව සමඟ ඔවුන් ඉතා සුහදශීලීව කටයුතු කළ යුතු විය. ඔවුන්ගේ භව භෝග බලෙන් පැහැර ගැනීම, සොරකම් කිරීම සපුරාම තහනම් විය. පැළ සිටුවීම, දිය ගෙනඒම, අස්‌වනු නෙළීම වැනි සියලු කර්තව්‍යයන් සඳහා හැකි සෑම විටම ශ්‍රම දායකත්වයෙන් ද ඔවුන්ට සහයෝගය පළ කළ යුතු විය.

වරින්වර ක්‍ෂය රෝගයෙන් පීඩා විඳිමින් නමුත් අසීමිත චිත්ත ධෛර්යයෙන් යුක්‌තව හෝ තම අරගලය නොනවත්වා ඉදිරියට ගෙන ගියේය. ඔහු වරෙක ජපන් භික්‍ෂුවකගේ වෙස්‌ ගත්තේය. තවත් වරෙක චීන 8 වැනි හමුදාවේ නිලධාරියකු ලෙස පෙනී සිටියේය. ඔහු යුනෑන් සිරගෙදර සිරබත් කෑවේ විලංගු දැමූ පාවලින් යුක්‌තවය. ඔහු හිස ගසා දැමීමෙන් දස වරක්‌ ගැලවීගත් ආශ්චර්යවත් මිනිසකු වේ. 1954 වර්ෂයේදී හෝ චිං මිං නම් වූ ඒ කුඩා මිනිසා ඉදිරියේ ප්‍රංශය පරාජය විය. ප්‍රංශ සොල්දාදුවන් 7,000 - 11,000 ක්‌ පමණ සංඛ්‍යාවක්‌ සිරභාරයට ගැණිනි. තවත් 90,000 ක්‌ පමණ මියගිය බව පැවසේ. 1960 දෙසැම්බරයේදී දකුණු වියට්‌නාමයේ නිදහස උදෙසා ජාතික පෙරමුණ බිහි කරන්නට ද පුරෝගාමී වූයේ "හෝ" ය. 1964 වියට්‌නාමයේ පැවැති මැතිවරණයෙන් තෙමසකට පසු එක්‌සත් රාජධානිය වියට්‌නාමයට විරුද්ධව Operation
Rolling Thunder මෙහෙයුම ආරම්භ කළේය. ඔවුන්ගේ අරමුණ වූයේ හෝ චි මිං ජනාධිපතිව සිටි උතුරු වියට්‌නාමයේ ආර්ථිකය පහත හෙළීම සහ දකුණු වියට්‌නාමයේ නිදහස්‌ අරගලයට ආධාර ලැබීම වළක්‌වාලීමයි. මෙවර හෝ ට සිදුවූයේ ඇමරිකා එක්‌සත් ජනපදයට එරෙහිව සටන් වැදීමටයි. වියට්‌නාමයට ඇමරිකානු හමුදා හෙළු බෝම්බ ප්‍රමාණය ටොන් මිලියනය ඉක්‌මවා තිබිණි. මෙම සටනේදී වියට්‌නාමයේ විනාශ වූ ආර්ථිකය ගණනය කළ විට ඊට වඩා වැඩි වියදමක්‌ වියට්‌නාමයට බෝම්බ හෙළීම වෙනුවෙන් ඇමරිකාව වැය කොට ඇති බව කියෑවේ.

1969 සැප්තැම්බර් 21 වැනි දා වියට්‌නාම් ජනතාවගේ "ආදරණීය හෝ මාමා" මියගියේ හෘදයාබාධයක්‌ වැළඳීමෙනි. "හෝ" ගෙනගිය අරගලය අඛණ්‌ඩව ඉදිරියට ගෙන ගිය ඔහුගේ සගයෝ හෝ ගේ මරණයෙන් සය වසකට පසුව එනම් 1975 දී නිදහස්‌ හා එක්‌සත් වියට්‌නාමයක අරුණලු දකින්නට සමත් වූහ.

වියට්‌නාමයේ අගනුවර වූ සයිගොන් හෙවත් වත්මන් හෝ චී මිං පුරවරයෙහි ඔවුන් එදා ප්‍රදර්ශනය කළ පෝස්‌ටරයක මෙසේ සටහන්ව තිබිණි.

"හෝ මාමේ
නිබඳවම අප සමඟ
යුද බිමෙහි රැඳී හිඳිනේය නුඹ"

වියට්‌නාමයේ අග නගරයෙහි හෝ චි මිං සොහොන් ගෙය තුළට ගියහොත් අද ද ඔබට ඔහුගේ සුරක්‍ෂිත නිසල දේහයට හිස නමා ආචාර කොට පැමිණිය හැකිය.

 අන්තර්ජාලය ඇසුරෙනි

සිහින විප්ලවය

විප්ලවය සිහිනයක්ම නොවීම උදෙසා.................