ඇමරිකාව යුද්දයට දක්ෂ රටක් නොවේ... සට කපට රහස් ඔත්තු සේවා දෘෂ්ඨි මායාවන් සහ තාක්ෂණය යොදාගෙන කරන අහස පොළව නුහුසුළන අපරාධ නිසා විනා භූමියේ සටන් සරඹ හුරුව නිසා ඔවුන් කොතැනකවත් ලැබූ ජයක් නැත... 1945 දී ජපානයට පොළව නූහුලන තිරිසන් කමක් දෙවතාවකට නොකර, භූමි සටනකින් ජපානය යටත් කරන්නට වෑයම් කරා නම් රණකාමී ජපනුන් අතින් කන කෑම ඇමරිකාව හිඟමනට වට්ටන එකක් වනු ඇත.. ජර්මනිය හමුවේද, සුප්‍රකට D - දිනයේ මිත්‍ර හමුදා ප්‍රංශයට ගොඩ බැසීමේදී වැඩියෙන්ම බැට කෑවේ සහ බියගුළු බවක් ප්‍රකට කළේ ඇමරිකන් හමුදා වන අතර, එයින් පසුවද මඩ වගුරු වල එරි, එරී ප්‍රහසන කරමින් සිටියදී, අයෝමය ආත්ම ශක්තියෙන් පිරිපුන් සෝවියට් වරුන් නැගෙනහිරින් පැමිණ බර්ලිනය යටත් කොට යුද්දය නිමා කළහ.. නැත්නම් ඒකත් නැති වන්නට තිබිණි... වියට්නාමයේදී සහ කොරියාවේදී ම්ලේච්ඡ ගුවන් සහ රසායනික ප්‍රහාර වගුරුවා දමා වත් දිළිඳු ගොවි පුතුන් එල්ල කළ ප්‍රහාර මැඩ ගන්නට නොහැකි වූ අතර, වියට්නාමයේදී ඔවුහු ස්වදේශිකයන් අතිනුත්, කොරියාවේදී චීන ගොවි හමුදා අතිනුත් පහර කා ලොවම හිනස්සමින් පළා ගියෝය.. එතැන් පටන් ඔවුන් අනුගමනය කලේ දිගින් දිගටම ගුවනට වී සිට සතුරන්ට ඇස නොගැසෙන මානයෙන් පහර දී, සතුරු රටවල ගම්, නගර පිටින් ජනයා දවා අලු කොට ජය ගන්නා දීන ප්‍රතිපත්තියයි.. එයද ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ "බිමට බැස්ස" දා සිට වැරදුණු අතර, මේ වනවිට හත් පොළේ ගාගෙන සිටිති... සැබෑ රණ බිමකදී ඇමරිකානුවන් හඬන බියගුල්ලන් වන අතර, ඉන්පසු සකළ විධ මනෝ රෝග සෑදී ගෙදර ගොස් ප්‍රතිකාර ගනිති.. ඒ නිසා නිසි ගුවන් ආරක්ෂණ පද්ධතියක් තිබේ නම් ඉරාන ජනතාවට නුදුරේදී එළඹෙන යුද්දය ජයගෙන, ඔය පාදඩ චාරිකාව ඔතනින් අවසන් කළ හැක.............
...................................
...............................................................................
...........................................................ඇමරිකාව හැමවිටම යුද්දයක් අනා ගත් පසුව ඇතිවන විලි ලැජ්ජාවෙන් මුදවා ගන්නට ඉදිරිපත් වන්නේ "හොලිවුඩ්" සිනමාවයි.. වියට්නාමයෙන් පහර කා පැන දිවූ පසු "රම්බෝ" වැනි ගෙම්බෝ අප හමුවේ තැබූහ... කොරියාවේදී පහර කෑ පසු තව මොකෙක්ද එකෙක් පාත් විය... යළිත් වියට්නාමයේදී "ප්‍රිඩේටර්" පාත් විය.. ( ඒකෙන් උන් කියන්න හැදුවේ පිටසක්වළ ජීවීන් නිසා උන්ට පරදින්නට සිදුවූ බවය.. ) .. ඉන් පසුව කොරියාවට "මිසින්ග් ඉන් ඇක්ෂන්" පොරවල් පහත් විය...ඇෆ්ගනිස්ථානයට "අයන් මෑන්" පහත් විය... ජපාන රණකාමීන් හමුවේ ශාන්තිකර සහ ඉන්දු සාගර කළාපයේ ලැබූ පරාජයන් වසා ගන්නටද එක, එකා පහත් විය... පර්ල් වරායේ වූ නිරුවත් වීම වසා ගන්නට එය පෙම් කථාවකින් යට කර දැම්මේ අන්තිමට පණ බේරාගෙන එන කොල්ලා කෙල්ලට හාදුවක් දී වැඩේ ෂේප් කිරීමෙන්ය... කියුබාවේ Bay of Pigs හි අනා ගත්තාට පසුව කියුබාවටත් එක, එකා ඇරියේය.. ඒ අතර "කමාන්ඩෝලා" සහ "බෑඩ් බෝයිස්ලා" විය..වියට්නාමයෙදි..............ඈමරිකානු සොල්දාදුවන්............කොතරම්......මනසික......අතතියකට.............ලක්වුවාදෑයි.......
දෑනගෑනිමට.........................ප්ලෑටූන් චිත්‍රපටයෙ එන පහත විඩියොව නරඹන්න.......................................මගෙ අවන්ක ස්තුතිය..........දමිත් කේතක සොයුරාට.............ww.youtube.com/watch?v=B4_3FOW0jQs.
No comments:
Post a Comment