Monday, February 20, 2012

උපස්ථිතිවාදි චිත්‍ර ශිල්පි වින්සෙන්ට් වෑන් ගොග්

උපස්ථිතිවාදි චිත්‍ර ශිල්පි වින්සෙන්ට් වෑන් ගොග්

(වෑන්ගොගෙ තරු පිරි රෑය සිතුව්ම )
( වෑන්ගො ගෙ අවසන් සිතුවම 1890 තිරිඟුයාය උඩින් පියාඹන කපුටෝ)

පූර්විකාව

සමාජය සෑම කල්හිම පුද්ගලයා සමඟ ගැටෙයි. පුද්ගලයාගේ ඔළුව ගලක්‌ නොවන්නේ නම් ඔහු සමාජය මත හිස ගසා ගතහොත් හිස කැබලිවලට කැඩීයනු ඇත. සමාජය පුද්ගලයා තීරණය කරනුයේ උන්ගේ වස්‌ දොස්‌ හෝ හර පද්ධතීන් තුළ නොව සමාජයේ ප්‍රතිමාණ මතය. මෙනිසා විටෙක සමාජය දරාගත නොහැකි හිසරදයක්‌ වූ විට පුද්ගලයා සමාජයෙන් ඉවත්වීමට තීරණය කරයි... වැන් ගෝ සියදිවි නසා ගන්නේ එනිසාම ය. නමුත් යමක්‌ මම මෙහිලා ලියා තබමි.

වැන් ගෝ මිය ගියේ ලෝකය වෙනුවෙන් යමක්‌ ඉතිරි කොටය.

ඔබ තවමත් ලෝකය වෙනුවෙන් යමක්‌ කර නොමැති නම් ඔබට වැන් ගෝ මෙන් සියදිවි නසා ගැනීමට නොහැක. මේ ලිපිය එනිසා කියවිය යුත්තේ ජීවත්වන මිනිසුනුත්, මැරෙන්නට තීරණය කළ මිනිසුනුත් ය....

ඔහු වින්සන්ට්‌ වැන් ගෝ ය          

(1853 - 1890) ජීවිතය අවසන්වන තුරුම අහස දිහා ඔබ බලා සිටිය ද ඔබට ඔහුගේ "තරුපිරි රැය" (The starry night) තේරුම් ගත නොහැකි වෙයි. ඔහු අහස ඇන්දේ ද පොළොව ඇන්දේද ඔබට අහස හෝ පොළොව ගැන පෙන්වීමට නොව, ඔබට ඔබේ පුපුරා යන මානසික සංචලනතා පෙන්වීම සඳහා ය. එනිසා ඔහුගේ සිත්තම ක්‍රියාවලියකි, (process) ගවේෂණයකි (exploration)ල මනෝ විශ්ලේෂණයකි. (psychoanalysis). හුදෙක්‌ එක්‌ පියවරකින් ආරම්භ කළ කැන්වසය, වාර්ණ රටා ඔහු ඡායානුවාදියෙක්‌ බවට පත් කරන්නට විය. එනිසා නූතන චිත්‍ර කලාවේ යුග පුරුෂයකු ලෙස වැන්ගෝ හඳුන්වා දිය හැක.

වැන් ගෝ අභ්‍යන්තර වේදනා සමඟ සටන් කළ අතර ඔහු හා එකී වේදනාවන් බෙදාගත් සමකාලීනයා හොගෑන් ය. ඔහු හොගෑන්ව අමත යිá ලිය යිá අඳියි. ඔහුගේ කාමරය මේ නිසාම හොගෑන්ගේ වාසස්‌ථානය ද වෙයි. "හැම දෙයම දෙකක්‌...." ඔහු වටා ඇති හැම උපකරණයක්‌ම යුගළ බැවින් තිබූ බව ඔහුගේ චිත්‍ර සාක්‍ෂි දෙයි. ඔහු සන්තර්පණය (satisfaction) කළේ ආවේදන (affective) යෑයි කෙනකුට සිතිය හැක. නමුත් වැන්ගෝ හා හොගෑන් කුලක (set) යක්‌ ලෙස ගතහොත් එහි ඇත්තේ ක්‍ෂුද්‍ර ලෝකයක්‌ (microcosm) මිස බුද්ධිමය ලෝකයක්‌ නොවන බව මගේ තර්කය වෙයි. 1853 ඕලන්දයේ උපත ලද වැන්ගෝ "හැමදාම සැලසුම් කරුවකු වූහ" යි ඔහු හෙළා දකින්නෝ කීහ. එයට හේතුව වූයේ වෙනත් අය දළ සටහන් ලෙස අඳින රූප ඔහු චිත්‍ර ලෙස ඇඳීමයි. එනිසාම වැන්ගෝ විවිධ රැකියාවල නියුතු විය.

තෙවරක්‌ම ආදරය අහිමි කරගත් චිත්‍ර ශිල්පියා වැන්ගෝ යෑයි බොහෝ විචාරකයින් පවසන්නේ ඔහුගේ සෞන්දර්යය හා පෞද්ගලිකත්වය විනිර්තාය (diagnosis) කරමිනි. එනිසාම වැන් ගෝ ගැන තරම් වෙන කිසිදු චිත්‍ර ශිල්පියෙක්‌ ගැන විවේචන ඉදිරිපත් නොවෙති. වැන් ගෝ පින්තූර වෙළෙඳසලක සේවයට බැඳුණු අතර ඔහු නවාතැන් ගත් නිවසේ අයිතිකරුගේ දියණිය සමග පෙමින් බැඳුණි. නමුත් ඇය ඔහුට පෙම් නොකළාය. මෙය ඔහුගේ ජීවිතය සපුරාම වෙනස්‌ කරන්නට විය. ඔහු පින්සල අතට ගත්තේය. බයිබලය කියවීමට පුරුදුවිය. "මෙලොව ජීවත් විය යුත්තේ තම ස්‌වාර්ථයට නොව" ඔහු විශ්වාස කරන්නට විය. ඔහුගේ දර්ශනය සහමුලින්ම ගැඹුරු විය. විරුද්ධාන්තය (opposite) එක පසක ගුලිකර මිනිසාට නැගී සිටීමට නොහැක. ඉන් බිහිවූයේ විකෘති (deformed) භාවයක්‌ පමණි. ඔහුගේ සිත්තම් තුළ ඔහු සමාජ දර්ශනය වැතිර විය. මේ නිසාම වැන් ගෝට අවශ්‍යවූයේ අවංකව ජීවත්වී සැපවත්ව සිටීමටය. එය ඉටුවූයේ නැත. ඔහුට ඕනෑ වූයේ නිදියන්නට ඇඳක්‌ හා හිසට වහලක්‌ පමණි. තවුසන් සේ සැප විහරණ අතහැර වැඩෙහි යෙදීමට ඔහුට අවශ්‍ය විය. සායම් ගැනීමට පවා ඔහුට මුදල් නොමැති විය. "ඔහු මැරුනේ අවංකව සිටීමට වෑයම් කළ නිසා" යෑයි බොහෝ දෙනෙක්‌ කියන්නේ මෙනිසා ය. වැන් ගෝ ගෙන් දිනක්‌ ගෑණු ළමයෙක්‌ විහිළුවට මෙන් ඔහුගේ විශාල කන් දෙකෙන් එක කනක්‌ ඉල්ලා සිටියාය. ඉන් දින කිහිපයකට පසු නත්තල් උත්සවයේදී මේ ගෑනු ළමයාට පාර්සලයක්‌ ලැබුණි. එහි වූයේ ලේ ගලන වැන් ගෝගේ කනයි.... මෙනිසාම විචාරකයන් වැන් ගෝව ඔහුගේ දර්ශනයක චිත්තවේග වියුක්‌ත (abstract) කරයි.

"වැන් ගෝගේ රිද්මය (rhythm) දෙවියන් ය" එය නොපෙනේ. නමුත් දැනෙයි..... විචාරකයින් පවසන්නේ මේ නිසාමය.

වැන් ගෝ වඩා බර වූයේ කම්කරු පන්තියට ය. ඔහු දෙවියන් සෙව්වේ සදාකාලික ස්‌ත්‍රීන්ගේ හා පුරුෂයින්ගෙන්ය. ඔහු ක්‍ෂණික බුරුසු පහරට ප්‍රියකළ අතර ඔහු දකින්නේ සෑම දෙයකම විරුද්ධාන්තය (opposite) වේ. ඔහු තුළ ඇති මනස (mind) මකරාක්‍ෂයා (monster) බවට පත්කර එළියට විහිදුවයි. ඔහුට දැවෙන්නට අවශ්‍යවූයේ නැත. ඔහුගේ ප්‍රතිලාභය (benefits) ආත්ම තෘප්තියයි. එනිසාම ඔහු ඇන්දේ මුදල් අරබයා නොව ග්‍රෙගේ, නියෝවැංහෝ ඔහු අත නොහැර ඔහු ළඟම සිටියේ ඔහු තුළ වූ නිර්ව්‍යාජ බව නිසාය. අවංක බව වුව ද වැඩිවූ විට සමාජය ඔහු පිස්‌සකු ලෙස සිතයි.... ආර්ලේ (Arles) වැසියන් වැන් ගෝ පිස්‌සකු ලෙස සිතුවේ මෙනිසා ය.

වැන් ගෝ ගේ චිත්‍ර අතරින් ලෝ සුපතළ වූ සිත්තම් රැසක්‌ වෙයි. ඒ අතරින් "සයිප්‍රස්‌ ගස" නම් සිත්තම විශේෂ වේ. ගිනිදලු හැඩය ගත් සයිප්‍රස්‌ ගස්‌ ඉතා වේගවත් බවක්‌ පෙන්වමින් අහසට නැගෙයි. ඈත දිස්‌වෙන කඳු පෙළ හරිත කන්දකින් ලාවා ගලා බසින්නා සේ පෙනේ. අහස ද ඊටම ගැලපෙන හැඩයක්‌ ගනී. පෙර බිමේ ඇති බොර පැහැයෙන් යුත් ගස්‌ සුළඟේ ළෙලදේ. ඉතා වේගයෙන් පින්සල් පහරවල් ඒ මේ අත යවා නිමවා ඇත. චිත්‍රයේ දකුණු පස ඉහළට වැඩුණු ගසක්‌ ද වම්පස පැතිරුණු රවුම් හැඩයෙන් යුතු ගසක්‌ ද පැහැදිලිව පෙනෙන අතර බිම තිරිඟු යායක්‌ වැනි බොර පැහැ පඳුරු ඇඳ ඇත. ආකෘතිය (model) අතින් අර්ථකථනය (interpretation) කරන්නේ හුදෙක්‌ භූමි දර්ශනයක්‌ විය නොහැක. වැන් ගෝ තමාවත් හොගෑන්ගේ බැඳීමත් දුරස්‌ථ බව දක්‌වයි. ගස්‌ දෙක ඔවුන් දෙදෙනා ද? බැලූ බැල්මට රවුම් වූ වම්පස ගස පෙරළෙමින් ආEතට යන බව පෙනෙයි. නමුත් ඉහළට වැඩුණු සයිප්‍රස්‌ ගස නිශ්චලය. එය අහස සිසාරා වැඩෙන බව පෙනෙයි. හොගෑන් තමාව අතැර යන බවත් තමා තම සිතුවිලි ආවේදනය කර නිහඬව සිටින බවත් වැන් ගෝ ඇන්දා විය හැක. සයිප්‍රස්‌ ගසින් විහිදී අහස සිසාරන සිතුවිලි පඳුරට නොවැටී ඉහළ අහසේම පුපුරා යයි.

වැන් ගෝ ගේ 'තරු පිරි රැය' (The starry night) 1885 දී අඳින ලද තවත් සිත්තමකි. ඔහුට ආවේණික වර්ණ රටා මෙන්ම බුරුසු පහරවල් ද සිත්තම සිසාරා ඇත. මුළු විශ්වයම කරකවා අඹරවා යන සුළියක්‌ මෙන් අහස විළාප දෙයි. චිත්තවේගවලින් ආවරණය (coverage) වූ මේ අහස කිසිවෙක්‌ නොදකියි. සයිප්‍රස්‌ ගස්‌ ද අහසට නැග ඇත. නිදන නගරය විසින් නොදකින, සිත්තරා විසින් පමණක්‌ දකින මේ විශ්මිත අහස, දුක්‌මුසු අන්ධකාරයෙහි මැණිකක්‌ සේ දිදුලන්නේ මනුෂ්‍යත්වයේම සිතුවිලි නොවේද? දුකින් අවුල් වූ ලෝකයක්‌ අහසට නැගී මල් වෙඩි මෙන් පුපුරවා යන්නේද ඔහුගේම සිතුවිලි වේ. වැන් ගෝ අසයි. මිනිසුන්ට ඔවුන්ට අවැසි වූ ලෙස අවැසි දේ කිරීමට ඉඩ ඇත්තේ සිත තුළ පමණි. එකී සිතුවිලිවලට සමාජය තුළ ඉඩක්‌ නොමැත. ඔහු නව යථාර්ථවාදය (new retionalist) ට ඉඩ ලබා දෙන්නේ අහසේය. දැන් සියල්ලෝම නිදිය. උන් දහවල් සැණකෙළියෙන් නටති, රෑට නිදියති.... අපට අපේ සිතුවිලිවලට ඉඩදී පුපුරා යන හැටි බලා සිටීමට හැකි එකම නිමැවුම (product) අඳුර සහ අහස පමණි.... ඉතින් ඔහු ඒවාට පුපුරන්නට ඉඩ දී බලාසිටියා විය හැක.....

වැන් ගෝගේ "රාත්‍රි භෝජනාගාරය" (The night cafe) ඔහුගේ සිතුවිලි හා උත්තේජන (stimulation) මනාලෙස පෙන්වන තවත් සිතුවමකි. වර්ෂ 1888 දී Arles හීදී ඇඳ ඇත. ප්‍රමාණය අඟල් 27 1/2 Ü35 කි. මනුෂ්‍යත්වය තුළ හට ගන්නා චිත්තවේග හා තද ආශාවන් ප්‍රකාශ කිරීමට ද තද කොළ හා රතු වර්ණ යොදාගත් බව වැන් ගෝ පවසා ඇත. පර්යාවලෝකනය අතිශයෝක්‌තියෙන් පෙන්වයි. චිත්‍රයේ මැද හිස්‌ ය. බිත්ති අයින්වල සිටින මිනිස්‌සු කුඩා කණ්‌ඩායම් වශයෙන් වෙන වෙනම පෙන්වා ඇත. දැල්වෙන පහන්වලින් ආලෝකය විහිදේ රතු, කොළ, කහ ප්‍රධාන වෙයි. ඔහු බලාසිටින්නට ඇත.... කිසිවකු මේ රාත්‍රී භෝජනාගාරයට එතැයි අපේක්‍ෂාවෙන් සිටින්නට ඇත. නමුත් තවම නැත. ඔහු සිසුන් සියල්ලන් දෙසම බලයි. ඔහු අපේක්‍ෂා කළ කෙනා පැමිණෙන තුරු සියල්ලම එලෙසම පවති යි.....

වැන් ගෝ පෞද්ගලිකත්වය පමණක්‌ නොව සමාජ පෞද්ගලිකත්වය ද උත්තේජනයට (stimulation) පත් කරන්නට විය. ඔහුගේ අර්තාපල් බුදින්නෝ (potato eates) සිත්තම වැදගත් සමාජ තලයක්‌ පොළොවේ ගසා කුඩු කරන්නේ එනිසාමය. 1885 දී ඔහු විසින් අඳින ලද මෙකී සිතුවම ගොවියා සහ ගොවි ජීවිතය පිළිබඳ ඇති දෘශ්‍ය ආඛ්‍යානයකි. ඉන් නිරූපණය වූයේ දල්වන ලද පහනක්‌ යට අර්තාපල් අනුභව කරන ගොවි පවුලකි. ප්‍රංශ විප්ලවයෙන් පසු යුරෝපයේ කාර්මිකකරණය පුපුරා ගලන්නට විය. ධනපති පංති ගොවිබිම මත සිය ආධිපත්‍ය තහවුරු කළේය. ගොවියාගේ න්‍යාය අතිශය ෙ€ද ජනක විය. කටුමැටි ගැසූ ගොවිපළක විසූ ඔහු සීතලේ වැඩ කළේය.

අධික සීතල දේශගුණයක්‌ සහිත රටක බිම කොටන ගොවියකුට සපයාගත හැකිව තිබුණේ එකම එක ආහාරයකි. ඒ අර්තාපල් ය. මෙය දුටුවන් සිත් ප්‍රකම්පනයේ ගැඹුරටම ඇද දමන අනාවරණයකිග ස්‌ත්‍රීන් තිදෙනෙක්‌ ද මැදිවියේ පිරිමියෙක්‌ ද මේසය වටා වාඩිවී ඇත. ස්‌ත්‍රීන් තිදෙනෙක්‌ ද මැදිවියේ එක පිරිමියෙක්‌ ද ඔහු චිත්‍රයට නගා මේසයටම ඇන්දේ අර්තාපල් ගෙඩි කිහිපයක්‌ පමණි. ආලෝකයට ඉදිරියෙන් පිටුපස හරවාගත් තැනැත්තා තුළින් ඇස වැඩි ඈතකට යැම වළක්‌වාලයි. පහනේ එළියෙන් මුහුණේ ස්‌වභාවය මනාව පෙනෙයි. තරුණ ස්‌ත්‍රිය නොවිය වෙත දයාර්ත බැල්මක්‌ හෙළයි. චිත්‍රය තුළ විද්‍යමාන නිල්, කොළ. දුඹුරු යන වර්ණ තුනම අඳුරේ ගිලී ඇත. පහනේ ආලෝකය ආගමිකත්වය රැගෙන නිවා සනසාලයි. හෝයාගේ '3rd of may' චිත්‍රයේ ඇති ආලෝකය සේය. මහලු ස්‌ත්‍රියක්‌ මැටි කෝප්පයකට කෝපි වත් කරයි. මිනිස්‌ රුධිරය සේ පෙනෙන ඒ දියරය විසින් සන්සිඳවන්නේ කුමන පිපාසයද?

වැන් ගෝ ඇන්දේ ඇසට නොව සමාජයටය. එනිසාම 1890 ජුලි මස 28 දින ඔහුගේ ජීවිතයේ තීරණාත්මක දිනය වූවා විය හැක. ඔහු Craws over the wheat field චිත්‍රය (තිරිඟුයාය උඩින් පියාඹන කපුටෝ) 1890 දී ඇන්දේය. එහි වන්නේ තිරිඟුයායක්‌ උඩින් පියාඹන කපුටන්ය. වර්ණ මෙන්ම පින්සල් පහරවල්ද ඔහු සතු ය. ඒවා බලන්නාගේ දුරස්‌ථ (distant) බව ඇඳ තබා ගනියි. එකී චිත්‍රය විග්‍රහ කිරීමට මා මෙහිලා පෙළඹෙන්නේ නැත. නමුත් මෙම සටහන ලිවිය යුතුමය. ඒ වැන් ගෝ විසින් ඔහු චිත්‍රයට පාදක කරගත් තිරිඟු යාය මත සිට පිස්‌තෝලයකින් හිසට වෙඩිතබාගෙන මිය ගිය වගය.

"සියල්ලන්ගේ හිත සුව පිණිස මම වෙඩි තබා ගත්තා...." ඔහු තියෝ වැන් ගෝට අවසානයේ කියා ඇත. තියෝ වැන්ගෝද (ඔහුට උදව් කළ ඔහුගේ සොහොයුරා) ඔහුගේ මරණයෙන් මාස 07 කට පසු මිය ගියේය.

අවසානයේ යමක්‌ ලියා තබමි....

* 1972 දී වැන්ගෝ කෞතුගාගාරය බිහිවිය.

* 1970 දී කෝටි 03 යි දශම 01 ට ඔහුගේ සිත්තමත් විකුණුනි.

* ඔහුගේ ජීවත්වීම පවා ප්‍රතික්‍ෂේප කළ සමාජය ඔහු මියගිය පසු ලෝක පූජිත චිත්‍ර ශිල්පියෙක්‌ බවට ඔහු පත් කළේය..... නොමැත.... ඔහුගේ සිත්තම් ඔහුව පත් කළේය....

(දිවයින පුවත්පත ඈසුරිනි)

No comments:

Post a Comment