Monday, March 19, 2012
Saturday, March 17, 2012
විල්මා ලුසිලා එස්පීන් සහොදරිය (කියුබානු විප්ලවේ අමතක නොවන විරුවො 2)
Friday, March 16, 2012
ගෙවිගිය මාස 12
අවුරුද්දකට පසු යොවුන් සේනා මෑණි බලන්නට....
ගියෙමි....ආදි සිසු සන්ගමය පිහිටුවන්නට...
ඈසුවේමි ලගින් සිටි මිතුරන්ගෙන්....සෑපදුක දෑනගන්නට.........
ලෑබුන තොරතුරුනම් නිමක් නෑත කියන්නට්........
එහෙත්
හදවේදනා දෙනකතා රොත්තකි ලෑබුනෙ අහසන්නට...........
අප සමගම උසුලු විසුලු කල අපෙම ගෑහෑණු යහලුවන්නට....
ජිවිතාදර මායාමය පටලයෙ සෑගවුනු හෑටි ලෑබුණි දෑනගන්නට.......
අහො කාලය මෑවු වෙනසක අරුමය......
එක කෙල්ලෙකු.......පොසත් කියාගත් කොල්ලෙකුගෙ රෑවටිමෙන්....
කොළඹ මුඩුක්කුවක ගොස් ඈත පදින්චිවන්නට........
තවත් කෙල්ලෙකු......උසස් පෙල පන්ති යන බව පවසා....
ගලෙවේල කොල්ලෙකු සමග පෑනගොස්..
ඈයට පියෙක් නොමෑති දරුවෙක් බඩට දි..
නෑවත ගෙදර පෑමිණ තිබෙ........
නමුත්
රහසින් මගෙ යහලුවන්ට පවසා....මගෙ ආදරය ඉල්ලු....එ කෙල්ල තව ඈත.....
එහෙත් දුකකි ඈයගෙ ආදරය පුජාසනෙ තබා පුජාකර ඈත්තෙ...........
නිට්ටඹුවෙ.........රෑ මනාලියන් ඈසුරු කිරිමෙන්....
හෙරොයින් කුඩු ඉරිමෙන් හා විකිණිමෙන්......ප්‍රමුඛයෙකුට ඈගෙ ආදරය පුජා කොට ඈත...
දැනගියත් නොදැනගියත් අතරමග
![]() |
මෑදපෙරදිග අමනයින් විසින් ලාංකික කතකට යකඩ ඈණ ඈතුල් කර තිබු අයුරු....... මෙහෙම තිරිසන් වෑඩකරන මුන්ට හෙන නොගහන්නෙ ඈයි?? දේවියනෙ..... |

වසර ගණනාවක් මෙරට ධනවත් වංශාධිපතියන්ගේ පවුල්වල හැඳි - වළං සේදූ කතුන් රන් කහවණු ඉපයීමේ සිහිනය සාක්‍ෂාත් කරගැනීම සඳහා මෙරට යමක් කමක් කළ හැකි වංශක්‌කාරයන්ගේ, මුදලි මුහන්දිරම්වරුන්ගේ, වලව්කාරයන්ගේ ග්‍රහණයෙන් මිදී සුරංගනා ලෝකයකට පිවිසෙන ආකාරයෙන් මැද පෙරදිග රටවල් කරා ඉගිලී ගියේ ඉපිලී යන සොම්නසිනි.
අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත ධන කුවේරයන්ගේ නිවෙස්‌වල දාසකම් කළ තරුණ කතුන් ලක්‌ෂ ගණනින් වෙළෙඳ කලාපයේ සේවයට එක්‌වූවා සේ මැද පෙරදිග රටවලටද ලක්‌ෂ ගණනින් ඇදී යන්නට පටන් ගැනීම මෙරට විදේශ විනිමය උල්පත ශ්‍රී ලාංකික කත යෑයි විරුදාවලියක්‌ද වූවාය.
එදා අරාබි ධන කුවේරයන්ගේ නිවෙස්‌වල ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රී ලාංකික කතුන් විදේශගත වන විට අද සිටින පාලකයන් ලාංකික කත ධර්ම රාජ්‍ය සංකල්පය යටතේ අරාබිකාරයන්ගේ ලිංගික අවශ්‍යතාවන් සඳහා අලෙවි කරනවා යෑයි මොරදුන් අයම අද විදේශීය විනිමය උපයන කාන්තාවන් ශ්‍රී ලාංකික වීරවරියන් යෑයි නිර්වචනය කිරීමට පෙළඹීම ලැඡ්ජාවට කාරණය්ක.ී
තම පවුල් සංස්‌ථාව ආර්ථික දරිද්‍රතාවයෙන් ගොඩ ගැනීමට මව ඇතැම් විට දිවා රැය නොබලා වගුරුවන දහදිය රන් කහවණුවලට පරිවර්තනය වී අප රටට ලැබෙන විට එවන් මව්වරුන්ගේ තරුණ දියණියන්ගේ නොඉඳුල් බව තම ජාතක පියා ගෙන්ම විනාශ වී ගිය පුවත් අපි අසා ඇත්තෙමු.
නිදහස් වෙළද කලාපය මෙන්ම දැඩි සුරා කෑමට ලක්වන ලාංකීය කාන්තාව මැද පෙරදිගට අලෙවි කිරීමෙන්ද සිදුවන්නේ එවැනිම සිදුවීමකි. කිසිදු ක්‍රමවත් වැඩ පිළිවෙලක් නොමැතිව වීදේශ ගතවන අපේ කාන්තාවන්ට සිදුවන කායික වද බන්දන මෙන්ම ලිංගික අතවර ඉවසා දරා සිටින්නේ දුප්පත් අසරණකම මිස, නිවට කම නිසා නොවේ. නමුත් මෙවැනි දහදිය මුගුරු හෙලමින් රටේ විනිමය සුරකින අපේ කාන්තාවන්ට පාලකයන්ගේ දෑස යොමු වූ අවස්ථා කෙදිනකවත් දැක නැත. නමුත් රැකියා ඒජන්සි කරුවන් වෙනුවෙන් පාලකයන් නිරතුරුවම අත් වැල බැද ගන්නේ කොමිස් කුට්ටි හා දොළ පිදේනි වල රසටය.
Monday, March 12, 2012
ජුවන් අල්මෙදා සහොදරයා (කියුබානු විප්ලවේ අමතක නොවන විරුවො)
![]() |
ජුවන් අල්මෙදා සහොදරයා |
කියුබානු ඓතිහාසික විප්ලවයේ අණදෙන්නා වසයෙන් විරුදාවලිය ලත් අප්‍රිකානු සම්බවයක් ඇති ජුවන් අල්මේදා උපත ලද්දේ හවානා නගරයේ ඉතා දුගී පැල්පතකය. දුෂ්කර මාවතක සිය අද්‍යාපනය හැදෑරු තරුණ අල්මේදා නීතිය හැදෑරීමට 1952 දී හවානා සරසවියට ඇතුල් වුනා. ඔහු ගේ ජීවිතයේ තීරණාත්මක හමු වීමක් එහිදී සිදු උනා. එම සරසවියෙම යුගයක් වෙනස් කල අසහාය විප්ලවීය නායක පිදෙල් කස්ත්‍රෝ සහෝදරයාද අද්‍යාපනය ලැබුවා. ...1953 දී පිදෙල් හා රාහුල් කස්ත්‍රෝ සමග කියුබානු විප්ලවයට මුල් පුරමින් මොන්කාඩා ප්‍රහාරයට සම්බන්ද වෙනවා. එහිදී පවත්වන ලද නඩු විබගයෙන් පසු පිදෙල් සහෝදරයා සමග ජුවාන් අල්මේදා ද පයින් දුපතේ සිර කර තබනු ලැබුවා. පසුව 1955 දී නිදහස ලබා ඔහු මෙක්සිකෝවට බැටිස්ටා පාලනය විසින් පිටුවහල් කරනු ලැබුවා.
නැවත ඔහු කියුබාවට පැමිණෙන්නේ තවත් සගයන් 78 දෙනෙකු සමග ග්‍රන්මා යාත්‍රාවෙන් තීරණාත්මක අරගලයට. ඉතා දුස්කරවූ ගමනක අවසානයේ කියුබාවට ලගවනවිට ඉතිරි වුයේ 12 දෙනෙකු පනී. එම 12 දෙනාට ජුවන් අල්මෙදාද අයත් උනා." කිසිවෙකු කිසිවිටක අත් නොහරිමු " යන ඓතිහාසික සටන් පාඨය ප්‍රකාස කලේ අල්මේදා විසිනි. කියුබානු විප්ලවය පුරාම ඒ වදන් පෙළ රණකාමී හදවත් තුල රැව් පිළිරැව් දුන්නේය.සියෙරා මහේත්රා කඳුකරය පුරාම ජුවාන් අල්මෙදගේ සටන්කාමී තේජස බටිස්ටගේ හමුදාවන්ට කණකොක හැඩලුවා. සටනේදී ඔහු සන්තියාගෝ කලාපයේ විප්ලවීය අණ දෙන්නා විය.
කියුබානු විප්ලවය සාර්ථක වීමෙන් පසු විප්ලවීය හමුදාවේ ඉතා ඉහල තනතුරකට පත් වුනා.1961 දී ප්‍රතිවිප්ලව ප්‍රහාරයන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වූ ජුවාන් කියුබානු විප්ලවීය හමුදාවේ රණකාමිත්වය හා තේජස ලොවට පෙන් වුවා. සටනට පමණක් සිය දක්ෂතාවය සීමා නොකළ ජුවන් දේසපාලන කරලියේද සුවිශේෂී ස්ථානයක් හෙබවූවා.කොමියුනිස්ට් පක්ෂයේ මද්යම කාරක සභාවද ඉන්පසු දේසපාලන මණ්ඩලයද නියෝජනය කළා. පිදෙල් සහෝදරයා විසින් " කියුබානු ජනරජයේ වීරයා " යන සම්මානය ජුවන් අල්මේදා හට ප්‍රදානය කළා. කියුබානු විප්ලවයේ පරිනත සටන්කාමී නායකයෙක් වූ අල්මේදා සහෝදරයා හර්දයභාදයකින් 2009 සැප්තැම්බර් 11 දින කියුබාවෙන් සදහටම සමුගත්තා.එදින කියුබානු දජය අඩකුබුකොට ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කළා.කියුබානු ජනය ආඩම්බරයෙන් හා දෙනෙත් පිරි කඳුලින් වීර ජුවන් අල්මෙදගේ දේහයට අවසන් බුහුමන් දැක වුවා.ඔහුගේ සටන් බිම් වූ සන්තියාගෝ නගරයේදී ඔහු ආදාහනය කළා
Subscribe to:
Posts (Atom)