Monday, March 12, 2012

ජුවන් අල්මෙදා සහොදරයා (කියුබානු විප්ලවේ අමතක නොවන විරුවො)

ජුවන් අල්මෙදා සහොදරයා


කියුබානු ඓතිහාසික විප්ලවයේ අණදෙන්නා වසයෙන් විරුදාවලිය ලත් අප්‍රිකානු සම්බවයක් ඇති ජුවන් අල්මේදා උපත ලද්දේ හවානා නගරයේ ඉතා දුගී පැල්පතකය. දුෂ්කර මාවතක සිය අද්‍යාපනය හැදෑරු තරුණ අල්මේදා නීතිය හැදෑරීමට 1952 දී හවානා සරසවියට ඇතුල් වුනා. ඔහු ගේ ජීවිතයේ තීරණාත්මක හමු වීමක් එහිදී සිදු උනා. එම සරසවියෙම යුගයක් වෙනස් කල අසහාය විප්ලවීය නායක පිදෙල් කස්ත්‍රෝ සහෝදරයාද අද්‍යාපනය ලැබුවා. ...1953 දී පිදෙල් හා රාහුල් කස්ත්‍රෝ සමග කියුබානු විප්ලවයට මුල් පුරමින් මොන්කාඩා ප්‍රහාරයට සම්බන්ද වෙනවා. එහිදී පවත්වන ලද නඩු විබගයෙන් පසු පිදෙල් සහෝදරයා සමග ජුවාන් අල්මේදා ද පයින් දුපතේ සිර කර තබනු ලැබුවා. පසුව 1955 දී නිදහස ලබා ඔහු මෙක්සිකෝවට බැටිස්ටා පාලනය විසින් පිටුවහල් කරනු ලැබුවා.

නැවත ඔහු කියුබාවට පැමිණෙන්නේ තවත් සගයන් 78 දෙනෙකු සමග ග්‍රන්මා යාත්‍රාවෙන් තීරණාත්මක අරගලයට. ඉතා දුස්කරවූ ගමනක අවසානයේ කියුබාවට ලගවනවිට ඉතිරි වුයේ 12 දෙනෙකු පනී. එම 12 දෙනාට ජුවන් අල්මෙදාද අයත් උනා." කිසිවෙකු කිසිවිටක අත් නොහරිමු " යන ඓතිහාසික සටන් පාඨය ප්‍රකාස කලේ අල්මේදා විසිනි. කියුබානු විප්ලවය පුරාම ඒ වදන් පෙළ රණකාමී හදවත් තුල රැව් පිළිරැව් දුන්නේය.සියෙරා මහේත්රා කඳුකරය පුරාම ජුවාන් අල්මෙදගේ සටන්කාමී තේජස බටිස්ටගේ හමුදාවන්ට කණකොක හැඩලුවා. සටනේදී ඔහු සන්තියාගෝ කලාපයේ විප්ලවීය අණ දෙන්නා විය.

කියුබානු විප්ලවය සාර්ථක වීමෙන් පසු විප්ලවීය හමුදාවේ ඉතා ඉහල තනතුරකට පත් වුනා.1961 දී ප්‍රතිවිප්ලව ප්‍රහාරයන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වූ ජුවාන් කියුබානු විප්ලවීය හමුදාවේ රණකාමිත්වය හා තේජස ලොවට පෙන් වුවා. සටනට පමණක් සිය දක්ෂතාවය සීමා නොකළ ජුවන් දේසපාලන කරලියේද සුවිශේෂී ස්ථානයක් හෙබවූවා.කොමියුනිස්ට් පක්ෂයේ මද්යම කාරක සභාවද ඉන්පසු දේසපාලන මණ්ඩලයද නියෝජනය කළා. පිදෙල් සහෝදරයා විසින් " කියුබානු ජනරජයේ වීරයා " යන සම්මානය ජුවන් අල්මේදා හට ප්‍රදානය කළා. කියුබානු විප්ලවයේ පරිනත සටන්කාමී නායකයෙක් වූ අල්මේදා සහෝදරයා හර්දයභාදයකින් 2009 සැප්තැම්බර් 11 දින කියුබාවෙන් සදහටම සමුගත්තා.එදින කියුබානු දජය අඩකුබුකොට ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කළා.කියුබානු ජනය ආඩම්බරයෙන් හා දෙනෙත් පිරි කඳුලින් වීර ජුවන් අල්මෙදගේ දේහයට අවසන් බුහුමන් දැක වුවා.ඔහුගේ සටන් බිම් වූ සන්තියාගෝ නගරයේදී ඔහු ආදාහනය කළා

No comments:

Post a Comment