Friday, March 16, 2012

දැනගියත් නොදැනගියත් අතරමග

මෑදපෙරදිග අමනයින් විසින් ලාංකික කතකට යකඩ ඈණ ඈතුල් කර තිබු අයුරු.......
මෙහෙම තිරිසන් වෑඩකරන මුන්ට හෙන නොගහන්නෙ ඈයි?? දේවියනෙ.....

වසර ගණනාවක්‌ මෙරට ධනවත් වංශාධිපතියන්ගේ පවුල්වල හැඳි - වළං සේදූ කතුන් රන් කහවණු ඉපයීමේ සිහිනය සාක්‍ෂාත් කරගැනීම සඳහා මෙරට යමක්‌ කමක්‌ කළ හැකි වංශක්‌කාරයන්ගේ, මුදලි මුහන්දිරම්වරුන්ගේ, වලව්කාරයන්ගේ ග්‍රහණයෙන් මිදී සුරංගනා ලෝකයකට පිවිසෙන ආකාරයෙන් මැද පෙරදිග රටවල් කරා ඉගිලී ගියේ ඉපිලී යන සොම්නසිනි.

අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත ධන කුවේරයන්ගේ නිවෙස්‌වල දාසකම් කළ තරුණ කතුන් ලක්‌ෂ ගණනින් වෙළෙඳ කලාපයේ සේවයට එක්‌වූවා සේ මැද පෙරදිග රටවලටද ලක්‌ෂ ගණනින් ඇදී යන්නට පටන් ගැනීම මෙරට විදේශ විනිමය උල්පත ශ්‍රී ලාංකික කත යෑයි විරුදාවලියක්‌ද වූවාය.


එදා අරාබි ධන කුවේරයන්ගේ නිවෙස්‌වල ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රී ලාංකික කතුන් විදේශගත වන විට අද සිටින පාලකයන් ලාංකික කත ධර්ම රාජ්‍ය සංකල්පය යටතේ අරාබිකාරයන්ගේ ලිංගික අවශ්‍යතාවන් සඳහා අලෙවි කරනවා යෑයි මොරදුන් අයම අද විදේශීය විනිමය උපයන කාන්තාවන් ශ්‍රී ලාංකික වීරවරියන් යෑයි නිර්වචනය කිරීමට පෙළඹීම ලැඡ්ජාවට කාරණය්ක.ී

තම පවුල් සංස්‌ථාව ආර්ථික දරිද්‍රතාවයෙන් ගොඩ ගැනීමට මව ඇතැම් විට දිවා රැය නොබලා වගුරුවන දහදිය රන් කහවණුවලට පරිවර්තනය වී අප රටට ලැබෙන විට එවන් මව්වරුන්ගේ තරුණ දියණියන්ගේ නොඉඳුල් බව තම ජාතක පියා ගෙන්ම විනාශ වී ගිය පුවත් අපි අසා ඇත්තෙමු.

නිදහස් වෙළද කලාපය මෙන්ම දැඩි සුරා කෑමට ලක්වන ලාංකීය කාන්තාව මැද පෙරදිගට අලෙවි කිරීමෙන්ද සිදුවන්නේ එවැනිම සිදුවීමකි. කිසිදු ක්‍රමවත් වැඩ පිළිවෙලක් නොමැතිව වීදේශ ගතවන අපේ කාන්තාවන්ට සිදුවන කායික වද බන්දන මෙන්ම ලිංගික අතවර ඉවසා දරා සිටින්නේ දුප්පත් අසරණකම මිස, නිවට කම නිසා නොවේ. නමුත් මෙවැනි දහදිය මුගුරු හෙලමින් රටේ විනිමය සුරකින අපේ කාන්තාවන්ට පාලකයන්ගේ දෑස යොමු වූ අවස්ථා කෙදිනකවත් දැක නැත. නමුත් රැකියා ඒජන්සි කරුවන් වෙනුවෙන් පාලකයන් නිරතුරුවම අත් වැල බැද ගන්නේ කොමිස් කුට්ටි හා දොළ පිදේනි වල රසටය.

No comments:

Post a Comment