Thursday, April 5, 2012

අපේ උපහාරය

බක් මාසයේ නොමියෙන මතකය පිණිස.......
දල්වමු .....මිණිපහන්.....සඳ තරු සැටදහස..........

Monday, March 19, 2012

ජිනීවා නාඩගම මොකක් උනත් කමක් නෑ

මාගේ පුතා මට කතා කරලා කිව්වා චැනල් 4 වීඩියෝව බැලුවට පස්‌සේ එයා ලැජ්ජා වෙනවා කියලා ශ්‍රීලාංකිකයෙකු වීම පිලිබදවත් සිංහලයෙකු පිලිබදවත් කියලා'' මේවැනි කතාවක්‌ කිරීමට තරම්
චන්ද්‍රිකා බන්ඩාරනායක දුශ්ඨ වුවාය.තම දේශපාලන වාසී තකා කල මෙම ප්‍රකාශය පිලිබදව ඇය ජනපති පුටුවේ තැබීමට කටයුතු කල  අප ඇතුලු සියලු ශ්‍රීලාංකික සිංහලයෝ ලැජ්ජා විය යුතුය.
-ලැජ්ජයි මැඩම් විලි ලැජ්ජයි-

ජිනීවා නාඩගම මොකක් උනත් කමක් නෑ මෙන්න මේක ගැන නම් යමක් කියන්නම ඕන.. බැල්ලියේ... උඹේ යටතේ ජීවිතෙන් අවුරුදු 11 ක් පාලනය වෙච්ච එක ගැන අපි ලැජ්ජා වෙනවා.... උඹ රටට කරපුවට උඹට හෙණ හතම ගහනවා පරට්ටි.. දැන් වත් කටයි, අනිත් කොණයි වහගෙන, හොරා කාගෙන ගිහින් ගත්තු ඇන්ඩෘගේ මාළිගාවේ ඉඳපන්...තෝ මැරෙන්නෙ කුණු වෙලා පණ පිටින්.. 
 ලංකා විදුලි බල මණ්ඩලය කෝටි 885 ක් ණය කරවලා, එහෙම පිටින් අමු, අමුවේ හොරා කෑවෙ තොගෙ රත්වත්තෙ මාමා.. එයාර් ලංකා එක වික්කා.. ෂෙල් ගෑස් කාරයින්ට ගෑස් අධිකාරිය විකුණපුවයින් එංගලන්තෙ මාළිගා ගනිද්දි උඹ, අදටත් උන් මිළ ඉහල දාන, දාන සැරේට රටේ අහිංසක මිනිස්සු තැලෙනවා, බ්‍රේක් වැකුම් අබලං කෝච්චි පෙට්ටි ගෙන්නලා, නුවර ඉන්ට‍්රසිටිය පීළි පැනලා විසි ගාණක් මැරුණා... රට අමු සොහොනක් කරා... කෑම්ප් බර ගාණක් වැටිලා, කොල්ලො දහස් ගාණක් හැඳි ගෑවිලා යද්දි අහවල් එකේ ඇඟිල්ල ගහගෙන හිටියා දැක්කෙ නෑ වගේ... දැන් වත් ඔය කුණු වෙච්ච කට වහගෙන ඉඳපන් පැත්තකට වෙලා කාළකණ්ණි හැතිරි.......

Saturday, March 17, 2012

විල්මා ලුසිලා එස්පීන් සහොදරිය (කියුබානු විප්ලවේ අමතක නොවන විරුවො 2)

විල්මා ලුසිලා එස්පින් සහොදරිය කියුබානු විප්ලවෙ පෑවතෙන සමයෙ සෑන්ටා ක්ලාරා සටනෙදි ගත් ඡ‍යාරුපයකි

විල්මා ලුසිලා එස්පීන් සහොදරිය කියුබාවේ යකඩ කෙල්ල...ජූලි 26 ව්‍යාපාරයේ තාරකාවිය සහ මඟ පෙන්වන්නිය..

Friday, March 16, 2012

ගෙවිගිය මාස 12

අවුරුද්දකට පසු යොවුන් සේනා මෑණි බලන්නට....
ගියෙමි....ආදි සිසු සන්ගමය පිහිටුවන්නට...
ඈසුවේමි ලගින් සිටි මිතුරන්ගෙන්....සෑපදුක දෑනගන්නට.........
ලෑබුන තොරතුරුනම් නිමක් නෑත කියන්නට්........

එහෙත්

හදවේදනා දෙනකතා රොත්තකි ලෑබුනෙ අහසන්නට...........
අප සමගම උසුලු විසුලු කල අපෙම ගෑහෑණු යහලුවන්නට....
ජිවිතාදර මායාමය පටලයෙ සෑගවුනු හෑටි ලෑබුණි දෑනගන්නට.......

අහො කාලය මෑවු වෙනසක අරුමය......

එක කෙල්ලෙකු.......පොසත් කියාගත් කොල්ලෙකුගෙ රෑවටිමෙන්....
කොළඹ මුඩුක්කුවක ගොස් ඈත පදින්චිවන්නට........
තවත් කෙල්ලෙකු......උසස් පෙල පන්ති යන බව පවසා....
ගලෙවේල කොල්ලෙකු සමග පෑනගොස්..
ඈයට පියෙක් නොමෑති දරුවෙක් බඩට දි..
නෑවත ගෙදර පෑමිණ තිබෙ........

නමුත්

රහසින් මගෙ යහලුවන්ට පවසා....මගෙ ආදරය ඉල්ලු....එ කෙල්ල තව ඈත.....
එහෙත් දුකකි ඈයගෙ ආදරය පුජාසනෙ තබා පුජාකර ඈත්තෙ...........
නිට්ටඹුවෙ.........රෑ මනාලියන් ඈසුරු කිරිමෙන්....
හෙරොයින් කුඩු ඉරිමෙන් හා විකිණිමෙන්......ප්‍රමුඛයෙකුට ඈගෙ ආදරය පුජා කොට ඈත...

දැනගියත් නොදැනගියත් අතරමග

මෑදපෙරදිග අමනයින් විසින් ලාංකික කතකට යකඩ ඈණ ඈතුල් කර තිබු අයුරු.......
මෙහෙම තිරිසන් වෑඩකරන මුන්ට හෙන නොගහන්නෙ ඈයි?? දේවියනෙ.....

වසර ගණනාවක්‌ මෙරට ධනවත් වංශාධිපතියන්ගේ පවුල්වල හැඳි - වළං සේදූ කතුන් රන් කහවණු ඉපයීමේ සිහිනය සාක්‍ෂාත් කරගැනීම සඳහා මෙරට යමක්‌ කමක්‌ කළ හැකි වංශක්‌කාරයන්ගේ, මුදලි මුහන්දිරම්වරුන්ගේ, වලව්කාරයන්ගේ ග්‍රහණයෙන් මිදී සුරංගනා ලෝකයකට පිවිසෙන ආකාරයෙන් මැද පෙරදිග රටවල් කරා ඉගිලී ගියේ ඉපිලී යන සොම්නසිනි.

අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත ධන කුවේරයන්ගේ නිවෙස්‌වල දාසකම් කළ තරුණ කතුන් ලක්‌ෂ ගණනින් වෙළෙඳ කලාපයේ සේවයට එක්‌වූවා සේ මැද පෙරදිග රටවලටද ලක්‌ෂ ගණනින් ඇදී යන්නට පටන් ගැනීම මෙරට විදේශ විනිමය උල්පත ශ්‍රී ලාංකික කත යෑයි විරුදාවලියක්‌ද වූවාය.


එදා අරාබි ධන කුවේරයන්ගේ නිවෙස්‌වල ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රී ලාංකික කතුන් විදේශගත වන විට අද සිටින පාලකයන් ලාංකික කත ධර්ම රාජ්‍ය සංකල්පය යටතේ අරාබිකාරයන්ගේ ලිංගික අවශ්‍යතාවන් සඳහා අලෙවි කරනවා යෑයි මොරදුන් අයම අද විදේශීය විනිමය උපයන කාන්තාවන් ශ්‍රී ලාංකික වීරවරියන් යෑයි නිර්වචනය කිරීමට පෙළඹීම ලැඡ්ජාවට කාරණය්ක.ී

තම පවුල් සංස්‌ථාව ආර්ථික දරිද්‍රතාවයෙන් ගොඩ ගැනීමට මව ඇතැම් විට දිවා රැය නොබලා වගුරුවන දහදිය රන් කහවණුවලට පරිවර්තනය වී අප රටට ලැබෙන විට එවන් මව්වරුන්ගේ තරුණ දියණියන්ගේ නොඉඳුල් බව තම ජාතක පියා ගෙන්ම විනාශ වී ගිය පුවත් අපි අසා ඇත්තෙමු.

නිදහස් වෙළද කලාපය මෙන්ම දැඩි සුරා කෑමට ලක්වන ලාංකීය කාන්තාව මැද පෙරදිගට අලෙවි කිරීමෙන්ද සිදුවන්නේ එවැනිම සිදුවීමකි. කිසිදු ක්‍රමවත් වැඩ පිළිවෙලක් නොමැතිව වීදේශ ගතවන අපේ කාන්තාවන්ට සිදුවන කායික වද බන්දන මෙන්ම ලිංගික අතවර ඉවසා දරා සිටින්නේ දුප්පත් අසරණකම මිස, නිවට කම නිසා නොවේ. නමුත් මෙවැනි දහදිය මුගුරු හෙලමින් රටේ විනිමය සුරකින අපේ කාන්තාවන්ට පාලකයන්ගේ දෑස යොමු වූ අවස්ථා කෙදිනකවත් දැක නැත. නමුත් රැකියා ඒජන්සි කරුවන් වෙනුවෙන් පාලකයන් නිරතුරුවම අත් වැල බැද ගන්නේ කොමිස් කුට්ටි හා දොළ පිදේනි වල රසටය.

Monday, March 12, 2012

ජුවන් අල්මෙදා සහොදරයා (කියුබානු විප්ලවේ අමතක නොවන විරුවො)

ජුවන් අල්මෙදා සහොදරයා


කියුබානු ඓතිහාසික විප්ලවයේ අණදෙන්නා වසයෙන් විරුදාවලිය ලත් අප්‍රිකානු සම්බවයක් ඇති ජුවන් අල්මේදා උපත ලද්දේ හවානා නගරයේ ඉතා දුගී පැල්පතකය. දුෂ්කර මාවතක සිය අද්‍යාපනය හැදෑරු තරුණ අල්මේදා නීතිය හැදෑරීමට 1952 දී හවානා සරසවියට ඇතුල් වුනා. ඔහු ගේ ජීවිතයේ තීරණාත්මක හමු වීමක් එහිදී සිදු උනා. එම සරසවියෙම යුගයක් වෙනස් කල අසහාය විප්ලවීය නායක පිදෙල් කස්ත්‍රෝ සහෝදරයාද අද්‍යාපනය ලැබුවා. ...1953 දී පිදෙල් හා රාහුල් කස්ත්‍රෝ සමග කියුබානු විප්ලවයට මුල් පුරමින් මොන්කාඩා ප්‍රහාරයට සම්බන්ද වෙනවා. එහිදී පවත්වන ලද නඩු විබගයෙන් පසු පිදෙල් සහෝදරයා සමග ජුවාන් අල්මේදා ද පයින් දුපතේ සිර කර තබනු ලැබුවා. පසුව 1955 දී නිදහස ලබා ඔහු මෙක්සිකෝවට බැටිස්ටා පාලනය විසින් පිටුවහල් කරනු ලැබුවා.

නැවත ඔහු කියුබාවට පැමිණෙන්නේ තවත් සගයන් 78 දෙනෙකු සමග ග්‍රන්මා යාත්‍රාවෙන් තීරණාත්මක අරගලයට. ඉතා දුස්කරවූ ගමනක අවසානයේ කියුබාවට ලගවනවිට ඉතිරි වුයේ 12 දෙනෙකු පනී. එම 12 දෙනාට ජුවන් අල්මෙදාද අයත් උනා." කිසිවෙකු කිසිවිටක අත් නොහරිමු " යන ඓතිහාසික සටන් පාඨය ප්‍රකාස කලේ අල්මේදා විසිනි. කියුබානු විප්ලවය පුරාම ඒ වදන් පෙළ රණකාමී හදවත් තුල රැව් පිළිරැව් දුන්නේය.සියෙරා මහේත්රා කඳුකරය පුරාම ජුවාන් අල්මෙදගේ සටන්කාමී තේජස බටිස්ටගේ හමුදාවන්ට කණකොක හැඩලුවා. සටනේදී ඔහු සන්තියාගෝ කලාපයේ විප්ලවීය අණ දෙන්නා විය.

කියුබානු විප්ලවය සාර්ථක වීමෙන් පසු විප්ලවීය හමුදාවේ ඉතා ඉහල තනතුරකට පත් වුනා.1961 දී ප්‍රතිවිප්ලව ප්‍රහාරයන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වූ ජුවාන් කියුබානු විප්ලවීය හමුදාවේ රණකාමිත්වය හා තේජස ලොවට පෙන් වුවා. සටනට පමණක් සිය දක්ෂතාවය සීමා නොකළ ජුවන් දේසපාලන කරලියේද සුවිශේෂී ස්ථානයක් හෙබවූවා.කොමියුනිස්ට් පක්ෂයේ මද්යම කාරක සභාවද ඉන්පසු දේසපාලන මණ්ඩලයද නියෝජනය කළා. පිදෙල් සහෝදරයා විසින් " කියුබානු ජනරජයේ වීරයා " යන සම්මානය ජුවන් අල්මේදා හට ප්‍රදානය කළා. කියුබානු විප්ලවයේ පරිනත සටන්කාමී නායකයෙක් වූ අල්මේදා සහෝදරයා හර්දයභාදයකින් 2009 සැප්තැම්බර් 11 දින කියුබාවෙන් සදහටම සමුගත්තා.එදින කියුබානු දජය අඩකුබුකොට ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කළා.කියුබානු ජනය ආඩම්බරයෙන් හා දෙනෙත් පිරි කඳුලින් වීර ජුවන් අල්මෙදගේ දේහයට අවසන් බුහුමන් දැක වුවා.ඔහුගේ සටන් බිම් වූ සන්තියාගෝ නගරයේදී ඔහු ආදාහනය කළා

Monday, February 27, 2012

ඔන්න බබෝ බිල්ලා


දරුවෝ පුංචි කාලේ අඩන විටත්, කරදර කරන විටත් , කෑම නොකන විටත් ඔව්න් අස්වැසීමට දෙමව්පියන්ට හොද කාරණයක් තිබුණේය. ඒ සෑම විටම දෙමව්පියන් දරුවන්ට කිව්වේ ඔන්න බබෝ බිල්ලා කියලාය.බිල්ලා කියපු ගමන් දරුවෝ ඇඩීම නවත්තන්නේය, කරදර නොකරන්නේය , යස අපූරුවට කෑමත් කන්නේය. ඒත් දරුවෝ කිසිම දවසක බිල්ලන්ද දැක නැත.කිසි දිනෙක නොදැක්ක බිල්ලෙකු ගැන කියා දෙමව්පියෝ රිසිසේ දරුවන්ව නලවා ගත්තේය.

ලාංකීය දේශපාලන පිටියටද බිල්ලා යනු හොද මෙවලමකි . මාරුවෙන් මාරුවට බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම ලංකාවේ ජනයාට කලින් කලට බිල්ලන් පෙන්නා ඇත්තේය. ලංකාවේ ජනයාද බිල්ලාට බයේ නිහඩ වෙන ලමයින් වගේම නිහඩ වෙති .වර්ථමාන ආණ්ඩුවද , ජාතියේ ආඩම්බරකාර තාත්තාද මේ වන විට බිල්ලා තියරිය රිසිසේ පාවිච්චි කරමින් සිටී. ලංකාවේ ළදරු ජනයාද ජාතියේ ආඩම්බරකාර තාත්තා පෙන්නන බිල්ලන්ට බයේ මුළු ගැන්වෙන්නේය.ඉතින් පාලකයන්ට බිල්ලා තියරිය මරුය , මසුරන්ය.

දැන් ආඩම්බරකාර තාත්තයි එයාගේ ආණ්ඩුවේ මන්ත්‍රී මල්ලිලායි ඒ කියන්නේ මන්ත්‍රී බාප්පලායි ජනතාවට එක එක බිල්ලෝ පෙන්වති. ආඩම්බරකාර තාත්තා චැනල් ෆෝ සහ යුධ අධිකරන බිල්ලා පෙන්නන කොට එක බාප්පෙක් අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රන බිල්ලෙක් පෙන්වති .මේ බාප්පා නින්දෙන් ගොරවන්නෙත් ග් රෑම් බටහිර... ග් රෑම් බටහිර කියමින්ය. ඒ බාප්පා බටහිර බිල්ලා පෙන්වන කොට තවත් බාප්පෙක් මුස්ලිම් බිල්ලෙක් පෙන්වති . ඒ බාප්පාටද එහෙමය ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙත් මුස්ලිම් , මුස්ලිම් කියමිනි.

වැඩේ තියෙන්නේ එක එක බාප්පලාගේ බිල්ලෝ එක එක විදියේය.ඒ ඒ බාප්පාට පැවරී ඇති වැඩේට අනුව බිල්ලාද වෙනස් වන්නේය. ඒ වගේම බාප්පලාගේ පැවැත්ම තියෙන දේශපාලන ගුන්ඩුවට අනුවද බිල්ලා වෙනස් වෙති .දැන් ලංකාවේ ළදරු ජනයා ඉන්නේද පිස්සු හැදිලාය. ඒ තරමට මේ අය බිල්ලෝ පෙන්නති.

මේ වෙනකොට බාප්පලා ටික ආඩම්බරකාර තාත්තත් එක්ක තවත් බිල්ලෝ නාට්‍යක් පෙන් වන්නට ලෑස්ති වෙමින් සිටිති . සිද්ද වෙන හැම හොද දේකම තනි උරුමක් කරු තමන් වන්නාසේම මේ නාට්‍යයේ කතාව ,පිටපත් රචනය ,දෙබස්, අධ්‍යක්ෂණය එකී මෙකී නොකී සියල්ල ආඩම්බරකාර තාත්තාගෙනි. මේ අළුත්ම තාලේ නාට්‍යයේ නම තර්ටීන් ප්ලස්ය(13+).

අවශ්ය නලු නිලියන් හැඩ ගන්වා ලයිට් ඔන්කර ස්ටෑන්ඩ් බ්යි , කැමරා රෙඩි , ඇක්ෂන් කියාගෙන ලයිට්ද පෙරලා ගෙන ආඩම්බර කාර තාත්තා කැමරාව ඉස්සරහට දුවගෙන ඇවිත් 13 + කියන කොටම මල්ලිලා ''බෙදුම්වාදී බිල්ලා'' කියා බිම පෙරලි පෙරලී හොටු පෙර පෙර කෑ ගසන්නේය , විලාප තබන්නේය, එතකොටම ජනතාවද ''බුදු අම්මෝ එපෝයි'' කියමින් මරහඩ තබ්න්නේය මේ වෙනකොට ආඩම්බරකාර තාත්තා කැමරාව පිටිපස්සට ගිහින් තමන් 13+ කියද්දී තිබුණ ලග රූපය මල්ලිලා කෑගහදී මධ්‍යෂ්ථ රූපයක් කොට ජනතාව කෑගසන එක දුර රූපයක් කරන්නේය.

ඒ උනාට කවදාවත් මේ තාත්තවත්, බාප්පලාවත් බිල්ලාගේ ඇත්ත කතාව ජනතාවට කියන්නේ නැත. කතාවට අනුව මුලින්ම අය්යාට මල්ලිලා විරුද්ධ වන්නේය. ඊට පසු මේ මල්ලිලා ජනතාවත් එක්ක මහපාරට බැස ලොකු අය්යාගේ 13+ බිල්ලාට විරුද්ධ වන්නේය. ආඩම්බරකාර තාත්තාටද බනින්නේය. ජනතාවටද මරුය. විරුද්ධවාදීන් එක එක කථා කීවාට ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදීය , විරුද්ධමත දැරීමටද පුළුවන්ය.අයිතීන් ඉල්ලා සටන් කරන්නටද , පාරට බසින්නටද පුළුවන. දැන් ජනතාව 13+ බිල්ලා එපා කියමින් බාප්පලාද පෙරටු කොට ගෙන සිව් මහා නදී ගලා බසිනා ආකාරයට සිව් දිශාවන් ගෙන් කොළඹට එන්නේය.

ඒකට අවශ්‍ය පහසුකම් මේ ආඩ්ම්බර තාත්තාම දෙන්නේය. ලංගම බස් ටික එක බාප්පෙක් දෙන්නේය. ආරක්ෂාවත් තාත්තාගෙනි කෑමද බීමද කුඩු මුදලාලිලාගෙනි .ජන්තාවට තියෙන්නේ කන්ඩ දෙනවානම් බොන්ඩ දෙනවානම් ,එන්ඩ බස් දෙනවානම් ,බිල්ලා එපා කියමින් ටික දුරක් බාප්පලා එක්ක ඇවිදීමටය. ඒක ඉතිං බාප්පලාට නම් ව්‍යායාමෙටත් එක්ක මරුය. ඔන්න දැන් ආපහු ආඩම්බරකාර තාත්තා හෙමින් හෙමින් කැමරාව ඉදිරියට එන්නේය .දැන් කැමරාවෙන් පටිගත වෙන්නේ ලග රූපයන්ය මුහුන විශාල වීය .දැන් මේ තාත්තාගේ මුහුණ විඩාබර ගතියක් දිස්වන්නේය . හරියට දහයට අරන් සීයට දීලා වගේය. දැන් මේ දුෂ්ඨ තාත්තා බයවී ඇත්තේය.ඔහුට ජනතා ළමයින්ගේ කීම නොසලකා හැරීමටද බැරිය මොකද ඔහු ජනතා ළමයින්ගේ ආඩම්බරකාර තාත්තාය, ජනතාවාදී නායකයාය.

ඉතා දුක් මුසු මුහුණින් ආඩම්බර කාර තාත්තා කතා කරන්නේය. තාවකාලිකව 13+ බිල්ලා අකුලා ගන්නා බව කියන්නේය. ඒ වෙනුවට සර්ව පාක්ෂික සමුලුවක් කැදවන බව කියන්නේය. ඒ කමිටුවට අනුව සර්ව සාධාරණ සැමට එකග විය හැකි විසදුමක් දෙන බව කියන්නේය . ඒ උනාට මීට ඉස්සර සමහර දේවල් අකුලා ගන්නා විට කියනවා වගේ නැවත් ඉදිරිපත් කරන දිනයක් නම් කියන්නේ නැත. බාප්පලා කෑ මොර තබන්නේය. ජනතාවද බිල්ලා නැති නිසා පස්වනක් ප්‍රීති ප්‍රමෝදයෙන් ජය ඝෝෂා නගන්නේය. දැන් බාප්පලා ජනතාවට කියන්නේ අපේ ආඩම්බරකාර තාත්තා හරිම හොද බවය. අපි මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න පූරුවේ පිං කරලා තියෙන්න ඕනි කියලාය. ඉතිං අර බිල්ලාට බය වෙච්ච ජනතා ළමයිද බිල්ලා නැති කරපු එකට ආඩම්බර කාර තාත්තාට ලව් කරන්නේය . අනේ අපි මොනතරම් වාසනාවන්තයෝද කියාගන්නේය .

දැන් තාත්තා ජනතා ළමයි දෙසට හැරී මෙසේ කියන්නේය , '' මම ජනතාවාදී නායකයෙකි ජනතාව යමක් එපා කියූ විට එය කරන්නට මට බැරිය, ජනතාව යමක් කොරන්නය කියූ විට නොකර සිටීමටද බැරිය , මෙතෙක් කලක් මම කොරල තියෙන්නේ ජනතාව කොරන්න කියපුවාය , මෙතෙක් කලක් මම නොකොර තියෙන්නේ ජනතාව නොකරනැයි කියපුවාය. දැන් ඉතිං ආඩම්බර කාර තාත්තාටත් චූන්ය ජනතා ළමයිටත් ගොඩක් චූන්ය.දැන් මේ තාත්තා උතුරට හැරී මෙසේ කියන්නේය. අපි මේ ප්‍රශ්නය විසදන්නට එකතු විය යුතුයි .මේක ඔබගෙත් මගෙත් ප්‍රශ්නයක්ය . අපේ අනාගත පරපුරේ ප්‍රස්නයක්ය. මමම මේක විසදන්නට ගොඩක් උත්සාහ කරනව . ඔය ගොල්ලොත් අපිට එකතු වෙන්න දැන් බලන්න කරුනා ඇමති තුම , දේවානන්ද ඇමතිතුමා අපි ඔක්කොම සහෝදරයො වගෙ ඉන්නේ මට ඌනි කොහොම හරි මේ රට ගොඩනගන්ඩ ඔයාලත් අපිත් එක්ක එකතු උනොත් ගොඩම තමා. ඔය පහුගිය කාලේ සිද්දි අමතක කොරල දාන්ඩ, විශේෂයෙන් ඔය චැනල් ෆෝ එකෙ කට්ටිය අපෙ ආමි එකෙන් අපරාද කොරනව වගෙ පෙන්නන්න බොරු වීඩියෝ එකක් හදලලු ඔයාල ඒ බොරු වලට අහු වෙන්න එපා.යුද්ධෙ කොරන කොට ඔය සුළු සුළු සිද්ධි ඇති වෙන්ඩ ඇති මම නැතෙයි කියන්නේ නෑ. එව්ව හොයල බලල තමයි ඒ කාලේ යුද්ධෙ මෙහෙයවපු කෙනාට මම දඩුවම් දුන්නේ . බොරුනම් බලන්ඩ එයා තවමත් හිරේ .

ඊට පස්සෙ තාත්තා ඔලුව කසමින් හැරෙන්නේ ඉන්දියාව දිහාටයි .මම සර්වපාර්ෂික සමුළුවක් කැදවලා ඒකෙ ප්‍රගතිය කියන්නම් කියා හෙමින් හෙමින් කැමරාවෙන් ඉවත් වෙනවාත් සමගම ප්‍රශස්ථි ගී ගැයීමට පොරකන ජනතාවාදී කලා කරුවෝ තරගයට ගී ගයමින් ඉදිරියට පැමිණේ.

ආඩම්බර කාර තාත්තගේ , බාප්පලාගෙයි ඔන්න බබෝ බිල්ලා නාට්‍යය එසේය.මේ කතාවේ අඩු පාඩු හදන්න කාටවත්ම බැරිය. විවේචන කාරයොත් ආඩම්බරකාර තාත්තගේ සාක්කුවේය බාප්පලා ගැන කියලා වැඩක් නැත . ඔක්කොමලා ඉන්නේ තාත්තාගේ සාටකේ නූල් පොටවල් වල යන්තමින් එල්ලී ගෙනය එක බාප්පෙක්වත් හුම් කියන්නේත්.ප්‍රශ්න කරන්නේත් නැත. අනේ අපේ අමාත්‍ය මණ්ඩලේ වැඩිම කොටසක් පාලනය කරන්නේ ආඩම්බර කාරයාගේ පවුල් සමාගමෙන් නොවේ දැයි ප්‍රශ්න කරන්නේද නැත.ඉතිං අපිට බලය නොදෙන මේ ආඩම්බර කාරයා කවදාවත් දෙමළෙකුට බලයක් දෙයිද කියා මේ බාප්පලා සිතන්නේද නැත.බැරි වෙලාවත් එහෙම ඇහුවත් මේ සුවච කීකරු මල්ලිලාට දෙන්න උත්තරයක්ද ආඩම්බරකාරයා ලග ඇත.ඈ බොලව් ගොන් හරකුනේ මම උන්ට බලය දෙනවද බොලාටවත් බලයක් නොදෙනකොට.ඇඹිලිපිටියේ උන්නාන්සේටම මම ප්‍රාදේශීය සභාවේ සභාපති බලය දුන්නෙම නොදී බැරිම තැනනේ . මොකෝ උන්නාන්සේ සිංහල නෙමෙයිද? මොකෝ උන්නාන්සෙ බෞද්ධ නෙමේද? ඉතින් එහෙම එකේ මම මේ දෙමළුන්ට බලය දෙයිද?මෙව්වා ඉතිං තේරුම් ගන්ට කූඹියෙකුගෙ තරම්වත් මොලයක් තිබිලා එපායැ. කියා කියන ගමන් මුංට එහෙම මොලයක් නැති එකම මටත් හොදායැයි සිතන්නේය.

ජනතා ළමයිද මේ ගැන ප්‍රශ්න කරන්නේ නැත. දෙනදේ කාලා , බීලා නිකම්ම බස් එකේ කොළඹත් ගිහිල්ලා එන්නේමැයි සිතන්නේය.ජනතා ළමයි එසේ ආඩම්බර කාර තාත්තාගෙන් ප්‍රශ්න අහන්නට සිතන්නේද නැත.ගමේ සමූපකාර ජන්දෙ දී වත් අනිත් පක්ෂයේ එකාට බලය දෙන්නේ නැතිව , ඌව මරලා හරි තමන්ගේ පක්ෂයේ එකාට බලය දෙන්නේය . එහෙව් එකේ මේ උතුරේ ඉන්න දෙමළුන්ට කොහෙත්ම ඕක ලියා නොදෙන බවද දන්නේය. මේ බඩු ගනන් දවස්වල වේල් දෙක තුනක් කාලා නොමිලේම කොළඹ යන්න තියෙන එක නැති කරගන්නේ මොකට දැයි කියා සිතන්නේය.

ඉතිං ආඩම්බරකාර තාත්තා අමාත්‍ය මණ්ඩලේ ඇන්දුවාය කියා සිතන්නේය .අමාත්‍ය මණ්ඩලේ අය පාක්ෂිකයින් අන්දලා ලොක්කට තමන්ගෙ බලය පෙන්නුවාය කියා සිතන්නේය .ජනතා ළමයින් වේල් දෙක තුනක් ෂේප් වෙලා නොමිලේම කොළඹත් ගිහින් ආවා යැයි සිතන්නේය.

Monday, February 20, 2012

උපස්ථිතිවාදි චිත්‍ර ශිල්පි වින්සෙන්ට් වෑන් ගොග්

උපස්ථිතිවාදි චිත්‍ර ශිල්පි වින්සෙන්ට් වෑන් ගොග්

(වෑන්ගොගෙ තරු පිරි රෑය සිතුව්ම )
( වෑන්ගො ගෙ අවසන් සිතුවම 1890 තිරිඟුයාය උඩින් පියාඹන කපුටෝ)

පූර්විකාව

සමාජය සෑම කල්හිම පුද්ගලයා සමඟ ගැටෙයි. පුද්ගලයාගේ ඔළුව ගලක්‌ නොවන්නේ නම් ඔහු සමාජය මත හිස ගසා ගතහොත් හිස කැබලිවලට කැඩීයනු ඇත. සමාජය පුද්ගලයා තීරණය කරනුයේ උන්ගේ වස්‌ දොස්‌ හෝ හර පද්ධතීන් තුළ නොව සමාජයේ ප්‍රතිමාණ මතය. මෙනිසා විටෙක සමාජය දරාගත නොහැකි හිසරදයක්‌ වූ විට පුද්ගලයා සමාජයෙන් ඉවත්වීමට තීරණය කරයි... වැන් ගෝ සියදිවි නසා ගන්නේ එනිසාම ය. නමුත් යමක්‌ මම මෙහිලා ලියා තබමි.

වැන් ගෝ මිය ගියේ ලෝකය වෙනුවෙන් යමක්‌ ඉතිරි කොටය.

ඔබ තවමත් ලෝකය වෙනුවෙන් යමක්‌ කර නොමැති නම් ඔබට වැන් ගෝ මෙන් සියදිවි නසා ගැනීමට නොහැක. මේ ලිපිය එනිසා කියවිය යුත්තේ ජීවත්වන මිනිසුනුත්, මැරෙන්නට තීරණය කළ මිනිසුනුත් ය....

ඔහු වින්සන්ට්‌ වැන් ගෝ ය          

(1853 - 1890) ජීවිතය අවසන්වන තුරුම අහස දිහා ඔබ බලා සිටිය ද ඔබට ඔහුගේ "තරුපිරි රැය" (The starry night) තේරුම් ගත නොහැකි වෙයි. ඔහු අහස ඇන්දේ ද පොළොව ඇන්දේද ඔබට අහස හෝ පොළොව ගැන පෙන්වීමට නොව, ඔබට ඔබේ පුපුරා යන මානසික සංචලනතා පෙන්වීම සඳහා ය. එනිසා ඔහුගේ සිත්තම ක්‍රියාවලියකි, (process) ගවේෂණයකි (exploration)ල මනෝ විශ්ලේෂණයකි. (psychoanalysis). හුදෙක්‌ එක්‌ පියවරකින් ආරම්භ කළ කැන්වසය, වාර්ණ රටා ඔහු ඡායානුවාදියෙක්‌ බවට පත් කරන්නට විය. එනිසා නූතන චිත්‍ර කලාවේ යුග පුරුෂයකු ලෙස වැන්ගෝ හඳුන්වා දිය හැක.

වැන් ගෝ අභ්‍යන්තර වේදනා සමඟ සටන් කළ අතර ඔහු හා එකී වේදනාවන් බෙදාගත් සමකාලීනයා හොගෑන් ය. ඔහු හොගෑන්ව අමත යිá ලිය යිá අඳියි. ඔහුගේ කාමරය මේ නිසාම හොගෑන්ගේ වාසස්‌ථානය ද වෙයි. "හැම දෙයම දෙකක්‌...." ඔහු වටා ඇති හැම උපකරණයක්‌ම යුගළ බැවින් තිබූ බව ඔහුගේ චිත්‍ර සාක්‍ෂි දෙයි. ඔහු සන්තර්පණය (satisfaction) කළේ ආවේදන (affective) යෑයි කෙනකුට සිතිය හැක. නමුත් වැන්ගෝ හා හොගෑන් කුලක (set) යක්‌ ලෙස ගතහොත් එහි ඇත්තේ ක්‍ෂුද්‍ර ලෝකයක්‌ (microcosm) මිස බුද්ධිමය ලෝකයක්‌ නොවන බව මගේ තර්කය වෙයි. 1853 ඕලන්දයේ උපත ලද වැන්ගෝ "හැමදාම සැලසුම් කරුවකු වූහ" යි ඔහු හෙළා දකින්නෝ කීහ. එයට හේතුව වූයේ වෙනත් අය දළ සටහන් ලෙස අඳින රූප ඔහු චිත්‍ර ලෙස ඇඳීමයි. එනිසාම වැන්ගෝ විවිධ රැකියාවල නියුතු විය.

තෙවරක්‌ම ආදරය අහිමි කරගත් චිත්‍ර ශිල්පියා වැන්ගෝ යෑයි බොහෝ විචාරකයින් පවසන්නේ ඔහුගේ සෞන්දර්යය හා පෞද්ගලිකත්වය විනිර්තාය (diagnosis) කරමිනි. එනිසාම වැන් ගෝ ගැන තරම් වෙන කිසිදු චිත්‍ර ශිල්පියෙක්‌ ගැන විවේචන ඉදිරිපත් නොවෙති. වැන් ගෝ පින්තූර වෙළෙඳසලක සේවයට බැඳුණු අතර ඔහු නවාතැන් ගත් නිවසේ අයිතිකරුගේ දියණිය සමග පෙමින් බැඳුණි. නමුත් ඇය ඔහුට පෙම් නොකළාය. මෙය ඔහුගේ ජීවිතය සපුරාම වෙනස්‌ කරන්නට විය. ඔහු පින්සල අතට ගත්තේය. බයිබලය කියවීමට පුරුදුවිය. "මෙලොව ජීවත් විය යුත්තේ තම ස්‌වාර්ථයට නොව" ඔහු විශ්වාස කරන්නට විය. ඔහුගේ දර්ශනය සහමුලින්ම ගැඹුරු විය. විරුද්ධාන්තය (opposite) එක පසක ගුලිකර මිනිසාට නැගී සිටීමට නොහැක. ඉන් බිහිවූයේ විකෘති (deformed) භාවයක්‌ පමණි. ඔහුගේ සිත්තම් තුළ ඔහු සමාජ දර්ශනය වැතිර විය. මේ නිසාම වැන් ගෝට අවශ්‍යවූයේ අවංකව ජීවත්වී සැපවත්ව සිටීමටය. එය ඉටුවූයේ නැත. ඔහුට ඕනෑ වූයේ නිදියන්නට ඇඳක්‌ හා හිසට වහලක්‌ පමණි. තවුසන් සේ සැප විහරණ අතහැර වැඩෙහි යෙදීමට ඔහුට අවශ්‍ය විය. සායම් ගැනීමට පවා ඔහුට මුදල් නොමැති විය. "ඔහු මැරුනේ අවංකව සිටීමට වෑයම් කළ නිසා" යෑයි බොහෝ දෙනෙක්‌ කියන්නේ මෙනිසා ය. වැන් ගෝ ගෙන් දිනක්‌ ගෑණු ළමයෙක්‌ විහිළුවට මෙන් ඔහුගේ විශාල කන් දෙකෙන් එක කනක්‌ ඉල්ලා සිටියාය. ඉන් දින කිහිපයකට පසු නත්තල් උත්සවයේදී මේ ගෑනු ළමයාට පාර්සලයක්‌ ලැබුණි. එහි වූයේ ලේ ගලන වැන් ගෝගේ කනයි.... මෙනිසාම විචාරකයන් වැන් ගෝව ඔහුගේ දර්ශනයක චිත්තවේග වියුක්‌ත (abstract) කරයි.

"වැන් ගෝගේ රිද්මය (rhythm) දෙවියන් ය" එය නොපෙනේ. නමුත් දැනෙයි..... විචාරකයින් පවසන්නේ මේ නිසාමය.

වැන් ගෝ වඩා බර වූයේ කම්කරු පන්තියට ය. ඔහු දෙවියන් සෙව්වේ සදාකාලික ස්‌ත්‍රීන්ගේ හා පුරුෂයින්ගෙන්ය. ඔහු ක්‍ෂණික බුරුසු පහරට ප්‍රියකළ අතර ඔහු දකින්නේ සෑම දෙයකම විරුද්ධාන්තය (opposite) වේ. ඔහු තුළ ඇති මනස (mind) මකරාක්‍ෂයා (monster) බවට පත්කර එළියට විහිදුවයි. ඔහුට දැවෙන්නට අවශ්‍යවූයේ නැත. ඔහුගේ ප්‍රතිලාභය (benefits) ආත්ම තෘප්තියයි. එනිසාම ඔහු ඇන්දේ මුදල් අරබයා නොව ග්‍රෙගේ, නියෝවැංහෝ ඔහු අත නොහැර ඔහු ළඟම සිටියේ ඔහු තුළ වූ නිර්ව්‍යාජ බව නිසාය. අවංක බව වුව ද වැඩිවූ විට සමාජය ඔහු පිස්‌සකු ලෙස සිතයි.... ආර්ලේ (Arles) වැසියන් වැන් ගෝ පිස්‌සකු ලෙස සිතුවේ මෙනිසා ය.

වැන් ගෝ ගේ චිත්‍ර අතරින් ලෝ සුපතළ වූ සිත්තම් රැසක්‌ වෙයි. ඒ අතරින් "සයිප්‍රස්‌ ගස" නම් සිත්තම විශේෂ වේ. ගිනිදලු හැඩය ගත් සයිප්‍රස්‌ ගස්‌ ඉතා වේගවත් බවක්‌ පෙන්වමින් අහසට නැගෙයි. ඈත දිස්‌වෙන කඳු පෙළ හරිත කන්දකින් ලාවා ගලා බසින්නා සේ පෙනේ. අහස ද ඊටම ගැලපෙන හැඩයක්‌ ගනී. පෙර බිමේ ඇති බොර පැහැයෙන් යුත් ගස්‌ සුළඟේ ළෙලදේ. ඉතා වේගයෙන් පින්සල් පහරවල් ඒ මේ අත යවා නිමවා ඇත. චිත්‍රයේ දකුණු පස ඉහළට වැඩුණු ගසක්‌ ද වම්පස පැතිරුණු රවුම් හැඩයෙන් යුතු ගසක්‌ ද පැහැදිලිව පෙනෙන අතර බිම තිරිඟු යායක්‌ වැනි බොර පැහැ පඳුරු ඇඳ ඇත. ආකෘතිය (model) අතින් අර්ථකථනය (interpretation) කරන්නේ හුදෙක්‌ භූමි දර්ශනයක්‌ විය නොහැක. වැන් ගෝ තමාවත් හොගෑන්ගේ බැඳීමත් දුරස්‌ථ බව දක්‌වයි. ගස්‌ දෙක ඔවුන් දෙදෙනා ද? බැලූ බැල්මට රවුම් වූ වම්පස ගස පෙරළෙමින් ආEතට යන බව පෙනෙයි. නමුත් ඉහළට වැඩුණු සයිප්‍රස්‌ ගස නිශ්චලය. එය අහස සිසාරා වැඩෙන බව පෙනෙයි. හොගෑන් තමාව අතැර යන බවත් තමා තම සිතුවිලි ආවේදනය කර නිහඬව සිටින බවත් වැන් ගෝ ඇන්දා විය හැක. සයිප්‍රස්‌ ගසින් විහිදී අහස සිසාරන සිතුවිලි පඳුරට නොවැටී ඉහළ අහසේම පුපුරා යයි.

වැන් ගෝ ගේ 'තරු පිරි රැය' (The starry night) 1885 දී අඳින ලද තවත් සිත්තමකි. ඔහුට ආවේණික වර්ණ රටා මෙන්ම බුරුසු පහරවල් ද සිත්තම සිසාරා ඇත. මුළු විශ්වයම කරකවා අඹරවා යන සුළියක්‌ මෙන් අහස විළාප දෙයි. චිත්තවේගවලින් ආවරණය (coverage) වූ මේ අහස කිසිවෙක්‌ නොදකියි. සයිප්‍රස්‌ ගස්‌ ද අහසට නැග ඇත. නිදන නගරය විසින් නොදකින, සිත්තරා විසින් පමණක්‌ දකින මේ විශ්මිත අහස, දුක්‌මුසු අන්ධකාරයෙහි මැණිකක්‌ සේ දිදුලන්නේ මනුෂ්‍යත්වයේම සිතුවිලි නොවේද? දුකින් අවුල් වූ ලෝකයක්‌ අහසට නැගී මල් වෙඩි මෙන් පුපුරවා යන්නේද ඔහුගේම සිතුවිලි වේ. වැන් ගෝ අසයි. මිනිසුන්ට ඔවුන්ට අවැසි වූ ලෙස අවැසි දේ කිරීමට ඉඩ ඇත්තේ සිත තුළ පමණි. එකී සිතුවිලිවලට සමාජය තුළ ඉඩක්‌ නොමැත. ඔහු නව යථාර්ථවාදය (new retionalist) ට ඉඩ ලබා දෙන්නේ අහසේය. දැන් සියල්ලෝම නිදිය. උන් දහවල් සැණකෙළියෙන් නටති, රෑට නිදියති.... අපට අපේ සිතුවිලිවලට ඉඩදී පුපුරා යන හැටි බලා සිටීමට හැකි එකම නිමැවුම (product) අඳුර සහ අහස පමණි.... ඉතින් ඔහු ඒවාට පුපුරන්නට ඉඩ දී බලාසිටියා විය හැක.....

වැන් ගෝගේ "රාත්‍රි භෝජනාගාරය" (The night cafe) ඔහුගේ සිතුවිලි හා උත්තේජන (stimulation) මනාලෙස පෙන්වන තවත් සිතුවමකි. වර්ෂ 1888 දී Arles හීදී ඇඳ ඇත. ප්‍රමාණය අඟල් 27 1/2 Ü35 කි. මනුෂ්‍යත්වය තුළ හට ගන්නා චිත්තවේග හා තද ආශාවන් ප්‍රකාශ කිරීමට ද තද කොළ හා රතු වර්ණ යොදාගත් බව වැන් ගෝ පවසා ඇත. පර්යාවලෝකනය අතිශයෝක්‌තියෙන් පෙන්වයි. චිත්‍රයේ මැද හිස්‌ ය. බිත්ති අයින්වල සිටින මිනිස්‌සු කුඩා කණ්‌ඩායම් වශයෙන් වෙන වෙනම පෙන්වා ඇත. දැල්වෙන පහන්වලින් ආලෝකය විහිදේ රතු, කොළ, කහ ප්‍රධාන වෙයි. ඔහු බලාසිටින්නට ඇත.... කිසිවකු මේ රාත්‍රී භෝජනාගාරයට එතැයි අපේක්‍ෂාවෙන් සිටින්නට ඇත. නමුත් තවම නැත. ඔහු සිසුන් සියල්ලන් දෙසම බලයි. ඔහු අපේක්‍ෂා කළ කෙනා පැමිණෙන තුරු සියල්ලම එලෙසම පවති යි.....

වැන් ගෝ පෞද්ගලිකත්වය පමණක්‌ නොව සමාජ පෞද්ගලිකත්වය ද උත්තේජනයට (stimulation) පත් කරන්නට විය. ඔහුගේ අර්තාපල් බුදින්නෝ (potato eates) සිත්තම වැදගත් සමාජ තලයක්‌ පොළොවේ ගසා කුඩු කරන්නේ එනිසාමය. 1885 දී ඔහු විසින් අඳින ලද මෙකී සිතුවම ගොවියා සහ ගොවි ජීවිතය පිළිබඳ ඇති දෘශ්‍ය ආඛ්‍යානයකි. ඉන් නිරූපණය වූයේ දල්වන ලද පහනක්‌ යට අර්තාපල් අනුභව කරන ගොවි පවුලකි. ප්‍රංශ විප්ලවයෙන් පසු යුරෝපයේ කාර්මිකකරණය පුපුරා ගලන්නට විය. ධනපති පංති ගොවිබිම මත සිය ආධිපත්‍ය තහවුරු කළේය. ගොවියාගේ න්‍යාය අතිශය ෙ€ද ජනක විය. කටුමැටි ගැසූ ගොවිපළක විසූ ඔහු සීතලේ වැඩ කළේය.

අධික සීතල දේශගුණයක්‌ සහිත රටක බිම කොටන ගොවියකුට සපයාගත හැකිව තිබුණේ එකම එක ආහාරයකි. ඒ අර්තාපල් ය. මෙය දුටුවන් සිත් ප්‍රකම්පනයේ ගැඹුරටම ඇද දමන අනාවරණයකිග ස්‌ත්‍රීන් තිදෙනෙක්‌ ද මැදිවියේ පිරිමියෙක්‌ ද මේසය වටා වාඩිවී ඇත. ස්‌ත්‍රීන් තිදෙනෙක්‌ ද මැදිවියේ එක පිරිමියෙක්‌ ද ඔහු චිත්‍රයට නගා මේසයටම ඇන්දේ අර්තාපල් ගෙඩි කිහිපයක්‌ පමණි. ආලෝකයට ඉදිරියෙන් පිටුපස හරවාගත් තැනැත්තා තුළින් ඇස වැඩි ඈතකට යැම වළක්‌වාලයි. පහනේ එළියෙන් මුහුණේ ස්‌වභාවය මනාව පෙනෙයි. තරුණ ස්‌ත්‍රිය නොවිය වෙත දයාර්ත බැල්මක්‌ හෙළයි. චිත්‍රය තුළ විද්‍යමාන නිල්, කොළ. දුඹුරු යන වර්ණ තුනම අඳුරේ ගිලී ඇත. පහනේ ආලෝකය ආගමිකත්වය රැගෙන නිවා සනසාලයි. හෝයාගේ '3rd of may' චිත්‍රයේ ඇති ආලෝකය සේය. මහලු ස්‌ත්‍රියක්‌ මැටි කෝප්පයකට කෝපි වත් කරයි. මිනිස්‌ රුධිරය සේ පෙනෙන ඒ දියරය විසින් සන්සිඳවන්නේ කුමන පිපාසයද?

වැන් ගෝ ඇන්දේ ඇසට නොව සමාජයටය. එනිසාම 1890 ජුලි මස 28 දින ඔහුගේ ජීවිතයේ තීරණාත්මක දිනය වූවා විය හැක. ඔහු Craws over the wheat field චිත්‍රය (තිරිඟුයාය උඩින් පියාඹන කපුටෝ) 1890 දී ඇන්දේය. එහි වන්නේ තිරිඟුයායක්‌ උඩින් පියාඹන කපුටන්ය. වර්ණ මෙන්ම පින්සල් පහරවල්ද ඔහු සතු ය. ඒවා බලන්නාගේ දුරස්‌ථ (distant) බව ඇඳ තබා ගනියි. එකී චිත්‍රය විග්‍රහ කිරීමට මා මෙහිලා පෙළඹෙන්නේ නැත. නමුත් මෙම සටහන ලිවිය යුතුමය. ඒ වැන් ගෝ විසින් ඔහු චිත්‍රයට පාදක කරගත් තිරිඟු යාය මත සිට පිස්‌තෝලයකින් හිසට වෙඩිතබාගෙන මිය ගිය වගය.

"සියල්ලන්ගේ හිත සුව පිණිස මම වෙඩි තබා ගත්තා...." ඔහු තියෝ වැන් ගෝට අවසානයේ කියා ඇත. තියෝ වැන්ගෝද (ඔහුට උදව් කළ ඔහුගේ සොහොයුරා) ඔහුගේ මරණයෙන් මාස 07 කට පසු මිය ගියේය.

අවසානයේ යමක්‌ ලියා තබමි....

* 1972 දී වැන්ගෝ කෞතුගාගාරය බිහිවිය.

* 1970 දී කෝටි 03 යි දශම 01 ට ඔහුගේ සිත්තමත් විකුණුනි.

* ඔහුගේ ජීවත්වීම පවා ප්‍රතික්‍ෂේප කළ සමාජය ඔහු මියගිය පසු ලෝක පූජිත චිත්‍ර ශිල්පියෙක්‌ බවට ඔහු පත් කළේය..... නොමැත.... ඔහුගේ සිත්තම් ඔහුව පත් කළේය....

(දිවයින පුවත්පත ඈසුරිනි)

Saturday, February 18, 2012

ආදරණිය රිචඩ් සොයුර..

ආදරණිය රිචඩ් සොයුර.......ඔබ අපෙන් ගිලිහි ගියත් ඔබ පෙන්වු මග දිගෙ අප සත්‍යයෙ ධජය සියතින් දරාගෙන ඉදිරියටම යනවා...............ආණ්ඩු වලට කුලියට කඩෙ යන.......අබේසුන්දරලා සිටින සමජයක................නියම මාධ්‍යවේදියා යනු කවරෙක් දෑයි අපෙ දරුවනට පසක් කර දිමට ඈති එකම සාක්ශිය ඔබයි මගෙ සොයුර

රණවිරුවනි මොහොතක් සිතන්න

එදා....මාවිල් අරුවෙන්.....පටන් ගෙන නන්දිකාඩාල් වලින් අවසන් වු එ විජයග්‍රාහි ගමන පුරාවටම අප ඔබ සමගම සීටියා නොවෙද?????// කෑම හිග ඔබලාට එනවිට..........කෑම බිම රෑස් කරගෙන ඔබ බලන්නට........යුද බිමට අප ආවා නොවෙද?????.......පල්ලියෙ පන්සලෙ කොවිලෙ ඔබ රෑකදෙනමෙන් දෙවියන්ට අප අනන්තවත් කිවා ඔබට මතකද????????........මම නොදනිමි......ඔබට මතකද කියා..........එහෙත් එදා ඔබ රෑකදෙනමෙන් දෙවියන් යෑදපු ජනතාව අද........ඔබගෙම ටි.56 අවියෙන් නිකුත්වෙන උණුසුම් වෙඩි උන්ඩ වලින් ළය හිස විනිවිද යවන ලේස ඔබට නියොග කරන ආණ්ඩුවට විරුද්ද වි.........එ අහින්සක ජනතාව රෑකගන්න...ඔබල නොපෙලබෙන්නෙ ඈයි......අනෙ රණවිරු අයියෙ එ අහින්සක ජනතව රෑකදෙන්න........

Tuesday, February 14, 2012

........රට හදන කොමියුනිස්ට් සමාජවාදි ව්‍යාපාරයක් ගොඩනගමු.........

ලක්දිව තුළ පීඩිතයන් වෙනුවෙන් නැගී සිටින මීළඟ දේශපාලන ව්‍යාපාරය, හෝ ඒ වෙනුවෙන් "වෙනස් වෙන්නට කැමති" පවතින දේශපාලන ව්‍යාපාරයක් හෝ පවතින රජය හෝ පීඩිතයන් අතුරින් එක්තරා වාස්තවික කොටසක් හෝ කල්පිත කොටසක් පමණක් අවස්ථාවාදීව හුවා නොදැක්විය යුතුය...පීඩිතයන් යනු මාක්ස් මාමාගේ ප්‍රවාද වල එන, ලාංකීය පොළවේ පන්ති විඤාණයකින් සංවිධානය වීමක් කවදාවත් සිදුකොට නැති ඊනියා කම්කරු පන්තිය නොවේ...යුක්තිය, සාධාරණය සහ නීතිය යන නිර්ණායකයන් ප්‍රමිතිකරණය නොවූ, ඒවා කෙරෙහි , ඒවා සියළු සමාජ කොටස් කෙරෙහි සංගත නොවූ රටවල ඕනෑම කෙනෙකු ඕනෑම මොහොතක "පීඩකයෙකු" වන්නටත්, "පීඩිතයෙකු"වන්නටත් පිළිවන...උදාහරණ ලෙස ගතහොත්, උපන්දා සිට කුමරි සම්පත් මැද දිවි ගෙවූ කොළඹ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ නැතිවූ 14 හැවිරිදි නැගණිය සොය, සොයා යන දුප්පත් තරුණියක වන දෙහිඕවිට නිරෝෂා මධුමාලි යන දෙදෙනාම මේ මොහොත වන විට "පීඩිතයන්"ව සිටිති...මේ යුවතියන් දෙදෙනාගෙන් එක් අයෙකුට විදෙස් අධ්‍යාපනය සහ මිළ මුදල් යහමින් ඇතත්, බස් රියෙන් කොළඹ එන අනෙක් යුවතිය තරමටම අසාධාරණයේ විදාරණය වන පරාමිතීන් හමුවේ එක හා සමානව අසරණ වන්නට, පිහිට ඉල්ලා නොයෙක් අත දුවන්නට ඔවුන් දෙදෙනාටම සිදුව ඇත...ප්‍රමිතියකින් තොරවූ නීතියේ "ආධිපත්‍යය", සහ සංස්ථායී නොවන ලෙස ලැබෙන යුක්තිය සහ සාධාරණය හමුවේ, එවැනි ගර්හිත ක්‍රමවේදයන් තුළ ඉන්නා එක්, එක් කොටස් වියුක්තීන් ලෙස හුවා දැක්විය නොහැක...ඒ නිසා යුක්තිය, නීතිය සහ සාධාරණය උදෙසා පෙනී සිටින කෙනෙකුට, " සුමනසිරිගේ අයිතීන්, නඩරාජාගේ අයිතීන්, අක්බාර්ගේ අයිතීන්, ඇන්තනීගේ අයිතීන්, ලෙව්කේ බණ්ඩාරගේ අයිතීන්, පීරිස්ගේ යුක්තිය ලෙස" සෙසු මහ ජනයාගෙන් වියුක්ත කරන ලද "අයීතින්" ඛණ්ඩයන් හුවා දැක්විය නොහැකි අතර, එසේ ඛණ්ඩනය කොට පෙනී සිටින්නෝ දැන හෝ නොදැන ජාති, වර්ග, කුළ, ගෝත්‍ර, ආගම් වාදයන් ප්‍රරෝහණය කරති....ඊනියා පන්ති අරගලයන්ද එසේමය...එවැනි මුග්ධ ප්‍රයාමයන්ගේ අවසන් ඵලය වන්නේ ඛණ්ඩන රේඛාවන් ඔස්සේ සමාජය බෙදී ඉරිතලා, බෙදුම්වාදී හෝ කල්ලි වාදී අරගල ඇතිවීම පමණි....ශ්‍රී ලංකාවේ අද මොහොතේ අවශ්‍යතාවය වන්නේ පොළව මත පය ගසා සිටින සියළු ප්‍රාණීන්ට යුක්තිය, නීතිය සහ සාධාරණය සංස්ථායීව ලැබෙන ලෙසත්, ඒවා එසේ ලබා ගන්නට සහ අනෙකාට ලබා දෙන්නට ජන විඥාණයේ දියුණුව සකසන අධ්‍යාපනය යාවත් කාළීන වන ලෙසත් රට හදන බලවේගයන්ය...
 


රට හදන නව විප්ලවවාදි බලවේගයක අවශ්‍යතාවය දෑන් ජනතාව  හදුනාගනිමින්....තිබේ.............
 


ස්තුතිය අපට මෙ ලිපි  ලබාදුන් දමිත් කේතක සොයුරාට....

Wednesday, February 8, 2012

" I LOVE YOU " හෙවත් මගෙ ආදරය ලබාගෑනිමෙ......විප්ලවිය අරගලය .....පටන් ගෙන තිබෙ.......





මම එක කෙල්ලෙක්ට පාසල් යන සමයෙ සිට........ආදරයෙන්.....සිටියෙය.....නමුත් ...මට කාලය හරස් විය......දෑන් මගෙ........කෙල්ලගෙ ආදරය ලබාගෑනිමට .......තවත් කොල්ලන් පස් දෙනෙකුත්..............පොර කන බව දෑනගන්නට ලෑබි.......ඈත........සන්තොසයි.......හරිම සතුටුයි...........
මගෙ හොදම යහලුවන්ගෙන්......එක් අයකුත්.......ඔවුනට එකතු වි තිබෙ......තවත් සතුටුයි...........මොකද.......මගෙ ......ලග තිබු....සෑගවුන...වයිරස්.....මගෙ......ප්‍රතිශක්ති කරනය........ අකර්මන්‍ය ....කරන වයිරස්........දෑන් මගෙ ශරිරය........දමා පලායයි......

                                       .
 කෙල්ල ලෑබුනා ......හා සතුටක් මට දෑන්නෙන්නෙ......එ නිසාය.............කෙසෙවෙතත්...........පාමා.......වුනොත් මල .........පරවන.....බව......ඉතිහාසගත සත්‍යකි...........එ......නිසා.......දෑන්...මම ඈය....එනතුරු....මග බාලා සිටියි...............මගෙ යහලුවන්ටයි.........මෙක කියවන......උබලට......කියන්න තියන්නෙ  එක අවවාදයයි.......................
අර අසන්ක සහොදරයා.......කියු කතාව පමණි............

                       


""ඔබ විශ්වාස කල අයෙක් ඔබට ද්‍රෝහිවී ඔබ සමාව දෙනවිට මතක තබා ගන්න ඔහු නැවතත් එම වරදම කිරිමට දෙවරක් නොසිතයි...(එබැවින් ඔහුගෙන් එම වරද නැවත නැවත නොවේයැයි බලාපොරොත්තු නොවන්න)""        

කමක් නෑ අප මේ....ඉරහද යට ආදරය කරමු.......ආදර......ඉල්ලමු.....ආදරය ලබමු.............

අපෙ .......විප්ලවිය අරගලයට ජය වේවා.............






Thursday, January 26, 2012

නිදහස් අධ්‍යාපනය දිවුහිමියෙන් රෑකගත් සිසු විරුවො.......බාල්දු කරන අපෙ මොඩයන්......පිලිබද අත්දෑකිමක්.......


 අද මා ක්‍රිකට්.......ගසන්නට පිට්ටනියට යනවිට.....අපෙ එක්තරා යාලුවෙක් පාසල නිම වි එනවිට ම් අරියාදුවට මෙන් මගෙන් මෙසෙ ඈසිය............අර උබලාගෙ ජෙප්පන්ගෙ පිලිමෙකට බොම්බ ගහලාලු නෙද????/හොද වෑඩෙ ඔකුන්ට...කට නිසා නෑහෙනවා...........මම කිසිත් නොකියා හිස වෑනිය......නමුත් මම පසුව මෙසෙ ඈසිය ........එයාලා මෑරිලා හරි නිදහස් අධ්‍යපනය රෑක නොගත්තා නම් අද උබලා ඔහොම....ජොලියෙ ඉස්කොලෙ යන්නෙ නෑ නොමිලෙ නිල ඈදුම් දෙන්නෙ නෑ කියාය එහෙත් උට තෙරුම් නෑතිව යන්නට ගියෙය.....මම පසෙකට ගොස් ඉදගෙන කල්පනා කලෙමි සෑබෑවටම මෙ වගෙ ගොන් හරකුන් මොකොට ඉපදුනාද යන්නයි......එදා......හෙරත්,වෙනුර,නිශ්මි වෑනි සහොදරවරුත් මුන් වගෙ හිතුවා නම්.......අනෙ මන් මෙ මොකටද ඔන් නෑති මගුලකට මෙ මෑරෙන්නෙ යෑයි සිතුවානම් අද නිදහස් අධ්‍යාපනය මාරකට් එකෙ හොදට විකිනෙන වෙලද බාන්ඩයකි....එදා....පස්චාත් බාගයෙන් කටු කම්බි බස්වනකොට.........අතෙ නියපොතු ඈගිලි......ගලවනකොට...... සහොදරවරියන් ප්‍රසිද්දියෙ දුශනය කරනකොට......එ සහොදර සහොදරියන් එසෙ හිතුවානම් අද නිදහස් අධ්‍යාපනෙ නමට පමනක් සිමා වු දෙයකි..........මම පසුව හිත හදා ගත්තෙමි..........මෙ මොඩ ගොන් ආතල් මෑට්ටො......දන්නෙ....අම්මා තාත්තා කියන දෙ අසාගෙන ඔහෙ කතා කරන වයින් කරන ගිරවුන් සෙය.........අර සිසු විර ගීයෙ එන.......කොටසක් මට සිහිවිය...
අයුක්තියෙ පටපිලි දරන සිගාලයන් නිරුවත් කල වරදට....දෙශන ශාලා සිරකදවුරු කර........අසත්‍ය්යෙ......මලගම සරසන්නට ඔබගෙ මලගම සදකඩ පහනකි...........

මම අර වගෙ ගොන් මෑට්ටන්ගෙන් ඉල්ලන්නෙ......උබලා මොහොතක් අර දිවි පුදපු සහොදර සහොදරියන්ගෙ කතාව උබලාහෙ ගොන් හිත නිරුවත් කර...හොයපල්ලා වෙනුර අයියා පන අදිනකොට අතෙ ලෙ වලින් මොක්කද මොක්කද බිත්තියෙ ලියුව්වෙ කියලා....
.

(ඈමරිකන් හරකුන්...එලවමු )ලොක පොන්සියා.....වන ඈමරිකාවේ නපුන්සක වෑඩ....

ඇමරිකාව යුද්දයට දක්ෂ රටක් නොවේ... සට කපට රහස් ඔත්තු සේවා දෘෂ්ඨි මායාවන් සහ තාක්ෂණය යොදාගෙන කරන අහස පොළව නුහුසුළන අපරාධ නිසා විනා භූමියේ සටන් සරඹ හුරුව නිසා ඔවුන් කොතැනකවත් ලැබූ ජයක් නැත... 1945 දී ජපානයට පොළව නූහුලන තිරිසන් කමක් දෙවතාවකට නොකර, භූමි සටනකින් ජපානය යටත් කරන්නට වෑයම් කරා නම් රණකාමී ජපනුන් අතින් කන කෑම ඇමරිකාව හිඟමනට වට්ටන එකක් වනු ඇත.. ජර්මනිය හමුවේද, සුප්‍රකට D - දිනයේ මිත්‍ර හමුදා ප්‍රංශයට ගොඩ බැසීමේදී වැඩියෙන්ම බැට කෑවේ සහ බියගුළු බවක් ප්‍රකට කළේ ඇමරිකන් හමුදා වන අතර, එයින් පසුවද මඩ වගුරු වල එරි, එරී ප්‍රහසන කරමින් සිටියදී, අයෝමය ආත්ම ශක්තියෙන් පිරිපුන් සෝවියට් වරුන් නැගෙනහිරින් පැමිණ බර්ලිනය යටත් කොට යුද්දය නිමා කළහ.. නැත්නම් ඒකත් නැති වන්නට තිබිණි... වියට්නාමයේදී සහ කොරියාවේදී ම්ලේච්ඡ ගුවන් සහ රසායනික ප්‍රහාර වගුරුවා දමා වත් දිළිඳු ගොවි පුතුන් එල්ල කළ ප්‍රහාර මැඩ ගන්නට නොහැකි වූ අතර, වියට්නාමයේදී ඔවුහු ස්වදේශිකයන් අතිනුත්, කොරියාවේදී චීන ගොවි හමුදා අතිනුත් පහර කා ලොවම හිනස්සමින් පළා ගියෝය.. එතැන් පටන් ඔවුන් අනුගමනය කලේ දිගින් දිගටම ගුවනට වී සිට සතුරන්ට ඇස නොගැසෙන මානයෙන් පහර දී, සතුරු රටවල ගම්, නගර පිටින් ජනයා දවා අලු කොට ජය ගන්නා දීන ප්‍රතිපත්තියයි.. එයද ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ "බිමට බැස්ස" දා සිට වැරදුණු අතර, මේ වනවිට හත් පොළේ ගාගෙන සිටිති... සැබෑ රණ බිමකදී ඇමරිකානුවන් හඬන බියගුල්ලන් වන අතර, ඉන්පසු සකළ විධ මනෝ රෝග සෑදී ගෙදර ගොස් ප්‍රතිකාර ගනිති.. ඒ නිසා නිසි ගුවන් ආරක්ෂණ පද්ධතියක් තිබේ නම් ඉරාන ජනතාවට නුදුරේදී එළඹෙන යුද්දය ජයගෙන, ඔය පාදඩ චාරිකාව ඔතනින් අවසන් කළ හැක.............

...................................

...............................................................................

...........................................................ඇමරිකාව හැමවිටම යුද්දයක් අනා ගත් පසුව ඇතිවන විලි ලැජ්ජාවෙන් මුදවා ගන්නට ඉදිරිපත් වන්නේ "හොලිවුඩ්" සිනමාවයි.. වියට්නාමයෙන් පහර කා පැන දිවූ පසු "රම්බෝ" වැනි ගෙම්බෝ අප හමුවේ තැබූහ... කොරියාවේදී පහර කෑ පසු තව මොකෙක්ද එකෙක් පාත් විය... යළිත් වියට්නාමයේදී "ප්‍රිඩේටර්" පාත් විය.. ( ඒකෙන් උන් කියන්න හැදුවේ පිටසක්වළ ජීවීන් නිසා උන්ට පරදින්නට සිදුවූ බවය.. ) .. ඉන් පසුව කොරියාවට "මිසින්ග් ඉන් ඇක්ෂන්" පොරවල් පහත් විය...ඇෆ්ගනිස්ථානයට "අයන් මෑන්" පහත් විය... ජපාන රණකාමීන් හමුවේ ශාන්තිකර සහ ඉන්දු සාගර කළාපයේ ලැබූ පරාජයන් වසා ගන්නටද එක, එකා පහත් විය... පර්ල් වරායේ වූ නිරුවත් වීම වසා ගන්නට එය පෙම් කථාවකින් යට කර දැම්මේ අන්තිමට පණ බේරාගෙන එන කොල්ලා කෙල්ලට හාදුවක් දී වැඩේ ෂේප් කිරීමෙන්ය... කියුබාවේ Bay of Pigs හි අනා ගත්තාට පසුව කියුබාවටත් එක, එකා ඇරියේය.. ඒ අතර "කමාන්ඩෝලා" සහ "බෑඩ් බෝයිස්ලා" විය..වියට්නාමයෙදි..............ඈමරිකානු සොල්දාදුවන්............කොතරම්......මනසික......අතතියකට.............ලක්වුවාදෑයි.......

දෑනගෑනිමට.........................ප්ලෑටූන් චිත්‍රපටයෙ එන පහත විඩියොව නරඹන්න.......................................මගෙ අවන්ක ස්තුතිය..........දමිත් කේතක සොයුරාට.............ww.youtube.com/watch?v=B4_3FOW0jQs.

Wednesday, January 25, 2012

දිලිදු ගොවිපුතුන්ගෙන් නිර්මානය උනු වියට්නාම් ජනතා හමුදාව

එක්සත් ජනපදයට........තම ඈදුමේ........මලපහ පිටවි මනසික රොගින් බවට පත්විමට තරම් දරුණු ගරිල්ලා....ප්‍රහාර.....එල්ලකෙරු...........දිළිදු ගොවිපුතුන්ගෙ.........මහා බලයෙන් ගොඩ නෑගුනු......ව්යට්නාමයෙ ජනතා හමුදාව.......එක්සත් ජනපද කද පණුවන්.........එලවු එකම ආසියාතික රට......සමාජවාදි වියට්නාමය.........ඔනෑම රටක් බලවත් වන්නේ සමාජවාදය තුලින් පමණි.....

හෝ මාමාගෙ වියට්නාම් විප්ලවය




හෝ චී මින් සහෝදරයා හෙවත් කොමරේඩ් හෝ චිමින් මුළු මහත් ආසියාවටම ආඩම්බරයක්‌ වූ තවත් එක්‌ අසිරිමත් දේශපාලන නායකයෙකි.

තම මවගේ උපන් ගම වූ ඉන්දු චීන ප්‍රාන්තයේ හොවැං ට්‌රූ (Hoang Tru) හිදී ඔහු උපන්නේ 1890 මැයි 19 වැනිදාය. උපතේදී ඔහු ලද නම ගුයෙන් සින් කුන් (Nguyen Sinh Cung) විය. එවකට වියට්‌නාමය ප්‍රංශ අධිරාජ්‍යයේ යටත් විජිතයක්‌ව පැවැතිණි. සින් කුන් කුඩා කල සිටම නිවසෙහි පරිසරය ප්‍රංශ විරෝධී විය. කොන්µsයුසියස්‌ භක්‌තිමතකු සහ ගුරුවරයකු වූ සින්ගේ පියාට ගුරු වෘත්තිය අහිමි වූයේ ඔහු ප්‍රංශ භාෂාව දැන නොසිටීම හේතුවෙනි. ඔහු ප්‍රංශ භාෂාව ඉගෙනීම ප්‍රතික්‍ෂේප කළේ ප්‍රංශ රාජ්‍යයට ගැති වීම පිළිකෙව් කළ නිසාවෙනි. එහෙත් ඔහු තම බාල පුත්‍රයා සින් කුන් ඇතුළු දරුවන්ට ප්‍රංශ භාෂාව උගන්වන්නට උනන්දු වූයේය. ඒ ප්‍රංශ භාෂාව දැන සිටීම ප්‍රංශයට එරෙහිව ක්‍රියාකාරී වීමේදී අනිවාර්යයෙන් ම උපකාරී වන බැවිනි. කුන් ගේ එකම සහෝදරිය බැච් ලියෙන් (Bach Lien) පසුකාලීනව ප්‍රංශ හමුදාවේ ලිපිකාරිනියක වූවාය. ඇය ප්‍රංශ හමුදාවෙන් අවි ආයුධ සොරකම් කළ චෝදනාවට වැරැදිකාරිය වී ජීවිතාන්තය දක්‌වා සිර දඬුවමකට නියම වූවාය. ඇය ආයුධ සොරකම් කොට තිබුණේ වියට්‌නාම් නිදහස්‌ සටන වෙනුවෙනි.

සින් කුන් ඉගෙනුමෙහි දක්‍ෂ දරුවකු වූයේය. ත්‍රාසජනක අත්දැකීම් ලබන්නට ප්‍රිය කළ මොහු සරුංගල් යවන්නට සහ මාළු අල්ලන්නට ද මහත් රුචියක්‌ දැක්‌වූයේය. කොන්ෆියුසියස්‌ ධර්මයට අනුව වයස අවුරුදු දහයේදී 'සින් කුන්' යන නම නැවත වෙනස්‌ කළ යුතු විය. එහිදී පියා ඔහුට දුන් අලුත් නම 'ගුයෙන් ටැට්‌ තාං' නම් විය. එහි අරුත 'කුසලතා පූර්ණ ගුයෙන්' යන්නයි.

ලයිසී (Lycee) නම් පාසල් මාතාව තු=රුලෙහි ටැට්‌ තාං ප්‍රංශ භාෂාව ප්‍රගුණ කළේය. පසුකාලීනව ඔහුගේ විප්ලවයේ ප්‍රබල කොටස්‌කරුවන් බවට පත් වූ 'ජෑම් වැන් ඩොං' සහ 'චෝ ගුවෙයන් ගියෑප්' එම පාසලෙහි ම ශිල්ප උගත් ඔහුගේ සමකාලීනයන් ය. එම පාසල් අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් පසු 'ටැට්‌ තාං' ටික කලක්‌ ගුරු වෘත්තියෙහි නියෑළුණි. වයස අවුරුදු 22 දී එනම් 1912 වසරේදී නැව් නැගුණු ටැට්‌ ඇමරිකාව බලා පිටත් වූයේ අරක්‌කැමියකුගේ අත් උදව්කරුවකු ලෙසටය.

එහිදී ඔහුට ඇසුරු කරන්නට ලැබුණු "මාකස්‌ ගාවේ" නම් කළු ජාතිය වෙනුවෙන් ක්‍රියාකාරී දේශපාලනයෙහි නියෑළී සිටි ජැමෙයිකානු පුවත්පත් කලාවේදියා සහ කොරියානු ජාතිවාදීන් කිහිපදෙනකු නිසා ඔහුගේ දේශමාමක හැඟීම් වඩාත් ප්‍රබල විය. අනතුරුව එංගලන්තයට ද එතැනින් ප්‍රංශයට ද අරක්‌කැමියකු ලෙස සංක්‍රමණය වූ zටැට්‌Z වඩාත් හොඳින් ප්‍රංශ භාෂාව උගත්තේය. ස්‌වාධීන වියට්‌නාමයක්‌ පිළිබඳ සිහිනය ඒ වන විටත් ඔහු සිත තුළ ඉපැදී තිබිණි. ප්‍රංශයේදී දේශපාලන විද්‍යාව උගත් ටැට්‌ කාල්මාක්‌ස්‌ වැනි කොමියුනිස්‌ට්‌වාදීන්ගේ පොත පත කියෑවූයේ ය. 1920 දී ප්‍රංශ කොමියුනිස්‌ට්‌ පක්‍ෂය පිහිටුවීමේදී ටැට්‌ පුරෝගාමී වූයේ එහි ප්‍රතිඵලයක්‌ හැටියටය.

"සෑම කොමියුනිස්‌ට්‌වාදියකුම තම රටට ආපසු පැමිණිය යුතුව තිබෙනවා. අපේ රටේ ජනතාව අවදි කරන්නට සංවිධානය කරන්නට හා නිදහස්‌ වියට්‌නාමයක්‌ බිහිකිරීම සඳහා ඔවුන් සටනට යොමු කරන්නට අප සැම එක්‌ව ක්‍රියාකාරී විය යුතු යුගය එළැඹ තිබෙනවා."

1924 වසරේදී ටැට්‌ සෝවියට්‌ දේශයේ සිට තම මිතුරකුට එලෙස ලියා එවා තිබුණි. රුසියාවේ සිට ආපසු වියට්‌නාමයට නොගොසින් "ටැට්‌" ගියේ චීනයටය. චීනයේ වියට්‌නාම් මායිමට ය. ඒ එහි රැඳී සිටිමින් වියට්‌නාම් විප්ලවය සංවිධානය කරනු පිණිස ය. ආපසු වියට්‌නාමයට ගිය හොත් නිරනුමානවම තමා ප්‍රංශ රජයේ සිරකරුවකු වන බව ඔහු දැන සිටියේය.

මේ අතර සාම සාකච්ඡා වාරයක්‌ සඳහා බටහිර බලවේගයන් වෙත පෙත්සමක්‌ යවමින් ටැට්‌ කියා සිටියේ ප්‍රංශ අධිරාජ්‍යය වියට්‌නාම ජනතාව සම්බන්ධයෙන් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටින බවයි. වියට්‌නාමයෙන් ප්‍රංශ ජාතිකයන් ඉවත් කොට ඔවුන් නව ජාතික රජයක්‌ යටතේ තබන්නැයි ද ඔහු එකී පෙත්සමෙන් කියා සිටියේය. එහෙත් ටැට්‌ ගේ පෙත්සම නොසලකා හැරිණි.

යටත් විජිතවාදයට එරෙහිව නැගී සිටි හෙතෙම ඒ වන විටත් වියට්‌නාමයේ ජාතික වීරයකු බවට පත්ව සිටියේය. 1925 වර්ෂයේදී සැඟවී හිඳිමින් ටැට්‌ සැලසුම් කළේ තම රටෙන් ප්‍රංශ හමුදාව නෙරපා දමන ආකාරයයි. 1926 ඔක්‌තෝබර් 18 දා ඔහු චීනයේදී චීන කාන්තාවක සමඟ විවාහ වූයේය. ඒ පක්‍ෂයේ සමහර සහෝදරවරුන්ගේ විරෝධය මධ්‍යයේ ය. ඒ වන විට ඔහුගේ වයස 36 ක්‌ වූ අතර ඇයගේ වයස අවුරුදු 21 කි.

"මට චීන භාෂාව හොඳින් ඉගෙන ගන්නටත් ගෙදරක්‌ පවත්වා ගෙන යන්නටත් ගැහැනියක්‌ අවශ්‍යයි" විරුද්ධ වූවන්ට ඔහු එසේ පැවසුවේය.. මේ විප්ලවකාරයා කොයි මොහොතේ චීනයෙන් අතුරුදන් වේදැයි යනබිය නිසා ඔහුට දාව කුලුඳුලේ පිළිසිඳුණු දරුවා නැන්දණිය විසින් ගබ්සා කරවූ බව කියෑවේ. 1931 දී හොංකොං හිදී ඔහු නැවතත් අත්අඩංගුවට ගැනිණි. මෙහිදී බ්‍රිතාන්‍ය රජය ඔහු ප්‍රංශ පාලනයට භාරදෙනු වෙනුවට අත් අඩංගුවේදී මියගිය බව ප්‍රකාශ කළේය. එහෙත් 1933 ජනවාරි මාසයේදී බ්‍රිතාන්‍යය ඔහු නිදහස්‌ කොට හැරියේය. එතැනින් ඉතාලියටත්, එහි සිට රුසියාවටත් සංක්‍රමණය වූ හෙතෙම 1938 දී නැවත චීනයට පැමිණියේය. එහිදී ඔහු අවි ගත් චීන කොමියුනිස්‌ට්‌ හමුදාවට ද උදව් උපකාර කළේය. ගුයෙන් ටැට්‌ "හෝ චිං මිං" වූයේ 1940 වසරේදීය. "හෝ" යනු වියට්‌නාම් ජාතිකයන් අතර සුලබව භාවිත වූ වාසගමකි. චිං මං යන්න ආලෝකය රැගෙන එන්නා යන අරුත වෙයි.

1940 සැප්තැම්බර් මාසයේදී ජපාන හමුදාව ඉන්දු - චීන සීමාව ආක්‍රමණය කොට තිබිණි. ඒ වන විට පැරිසියේ ජර්මානු හමුදාව කඳවුරු බැඳ සිටියහ. වියට්‌නාමයේ සිටි ප්‍රංශ හමුදාව සටන් නොවැදී ජපන් ජාතිකයන්ට යටත් විය.

මේ සුදුසු අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත් හෝ චි මිං සහෝදරයා තම ජන්ම භූමිය නිදහස්‌ කර ගැනීම උදෙසා වියට්‌මින් (Vietminh) සංවිධානය ස්‌ථාපිත කළේය. ඔවුන්ගේ ප්‍රථම ගරිල්ලා සටන සිදු වූයේ ජපන් හමුදාවට විරුද්ධවය. මෙහිදී රුසියාවෙන් වියට්‌මින් හමුදාවට යුද ආධාර ලැබිණි. ජපාන ජාතිකයන් ඇමරිකාවේ පර්ල් වරායට බෝම්බ හෙළීමෙන් අනතුරුව වියට්‌මින්වරුනට ඇමරිකාවේ සහාය ද ලැබිණි. දෙවැනි ලෝක යුද සමය තුළ සිදු වී තුච්ඡතම සිදුවීම වූQ ජපානයේ හිරෝෂිමා, නාගසාකි නගරවලට ජර්මානු හමුදාව විසින් න්‍යෂ්ටික බෝම්බ හෙළනු ලැබීමත් සමඟ ජපානයේ බලය බිඳ වැටිණි. මේ අවස්‌ථාව හෝ චි මිං ගේ වියට්‌මින් හමුදාවට ශක්‌තිමත් වීමට හොඳ ඉඩකඩක්‌ ලබා දුන්නේය.

1945 සැප්තැම්බර් මාසයේදී හෝ චිමිං වියට්‌නාම් ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්‌ඩුව ප්‍රකාශයට පත් කළේය. 1945 සිට 1955 දක්‌වා ම හෝ එම රජයෙහි අගමැති ධුරය දැරුවේය. එහෙත් ප්‍රංශය හෝ ගේ නායකත්වය පිළිගන්නට සූදානම් වූයේ නැත. මේ අතර එක්‌සත් ජනපද ජනාධිපති µaරැන්ක්‌ලින් රුස්‌වෙල්ට්‌, බ්‍රිතාන්‍ය අගමැති වින්ස්‌ටන් චර්චිල් සහ රුසියානු ජනාධිපති ජෝශප් ස්‌ටාලින් පෝස්‌ට්‌ඩෑම්හිදී සාකච්ඡාවක්‌ පවත්වා වියට්‌නාමය පිළිබඳ තීරණයක්‌ ගෙන තිබිණි. ඒ වියට්‌මින් හමුදාවටත් හොර රහසේ ය. යුද්ධයෙන් පසුව වියට්‌නාමය දෙකට බෙදා උතුරු වියට්‌නාමය චීනයටත්, දකුණු වියට්‌නාමය බ්‍රිතාන්‍යයටත් පාලනය කිරීමේ අයිතිය ලබා දෙන්නටයි ඔවුන් සැලසුම් කොට තිබුණේ. එහෙත් හෝ චි මිං සටන අතහැරියේ නැත. ඔහු චීනයේ මා ඕ සේතුංගේ ගරිල්ලා සටන් ක්‍රම අනුගමනය කරමින් ඒ අති දුෂ්කර සටන දිගටම ගෙන ගියේය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ප්‍රංශය නැවත වියට්‌නාමය තුළ ස්‌ථාපිත වන්නට උත්සාහ කළේය. එහෙත් ප්‍රංශ හමුදාව වියට්‌නාමයෙන් ඉවත් කර දෙන බවට බ්‍රිතාන්‍යය එකඟ වී තිබිණි. ඒ සමඟ චීනයට ප්‍රංශය වෙතින් එල්ල වන හානි නවතාලන බවට පොරොන්දු වෙමින් චීන හමුදාව වියට්‌නාමයෙන් පිට විය. දැන් සටන වියට්‌මින් සහ ප්‍රංශ හමුදාව අතරය.

කළු හැඳගත් වියට්‌මින් ගරිල්ලන් දස දහස්‌ ගණනින් එක්‌ව ප්‍රංශ හමුදාවට විරුද්ධව සටන් වැදුණේ දැඩි විනය නීති රීති යටතේය.දුෂ්කර ගම්මානවල ගොවි ජනතාව සමඟ ඔවුන් ඉතා සුහදශීලීව කටයුතු කළ යුතු විය. ඔවුන්ගේ භව භෝග බලෙන් පැහැර ගැනීම, සොරකම් කිරීම සපුරාම තහනම් විය. පැළ සිටුවීම, දිය ගෙනඒම, අස්‌වනු නෙළීම වැනි සියලු කර්තව්‍යයන් සඳහා හැකි සෑම විටම ශ්‍රම දායකත්වයෙන් ද ඔවුන්ට සහයෝගය පළ කළ යුතු විය.

වරින්වර ක්‍ෂය රෝගයෙන් පීඩා විඳිමින් නමුත් අසීමිත චිත්ත ධෛර්යයෙන් යුක්‌තව හෝ තම අරගලය නොනවත්වා ඉදිරියට ගෙන ගියේය. ඔහු වරෙක ජපන් භික්‍ෂුවකගේ වෙස්‌ ගත්තේය. තවත් වරෙක චීන 8 වැනි හමුදාවේ නිලධාරියකු ලෙස පෙනී සිටියේය. ඔහු යුනෑන් සිරගෙදර සිරබත් කෑවේ විලංගු දැමූ පාවලින් යුක්‌තවය. ඔහු හිස ගසා දැමීමෙන් දස වරක්‌ ගැලවීගත් ආශ්චර්යවත් මිනිසකු වේ. 1954 වර්ෂයේදී හෝ චිං මිං නම් වූ ඒ කුඩා මිනිසා ඉදිරියේ ප්‍රංශය පරාජය විය. ප්‍රංශ සොල්දාදුවන් 7,000 - 11,000 ක්‌ පමණ සංඛ්‍යාවක්‌ සිරභාරයට ගැණිනි. තවත් 90,000 ක්‌ පමණ මියගිය බව පැවසේ. 1960 දෙසැම්බරයේදී දකුණු වියට්‌නාමයේ නිදහස උදෙසා ජාතික පෙරමුණ බිහි කරන්නට ද පුරෝගාමී වූයේ "හෝ" ය. 1964 වියට්‌නාමයේ පැවැති මැතිවරණයෙන් තෙමසකට පසු එක්‌සත් රාජධානිය වියට්‌නාමයට විරුද්ධව Operation
Rolling Thunder මෙහෙයුම ආරම්භ කළේය. ඔවුන්ගේ අරමුණ වූයේ හෝ චි මිං ජනාධිපතිව සිටි උතුරු වියට්‌නාමයේ ආර්ථිකය පහත හෙළීම සහ දකුණු වියට්‌නාමයේ නිදහස්‌ අරගලයට ආධාර ලැබීම වළක්‌වාලීමයි. මෙවර හෝ ට සිදුවූයේ ඇමරිකා එක්‌සත් ජනපදයට එරෙහිව සටන් වැදීමටයි. වියට්‌නාමයට ඇමරිකානු හමුදා හෙළු බෝම්බ ප්‍රමාණය ටොන් මිලියනය ඉක්‌මවා තිබිණි. මෙම සටනේදී වියට්‌නාමයේ විනාශ වූ ආර්ථිකය ගණනය කළ විට ඊට වඩා වැඩි වියදමක්‌ වියට්‌නාමයට බෝම්බ හෙළීම වෙනුවෙන් ඇමරිකාව වැය කොට ඇති බව කියෑවේ.

1969 සැප්තැම්බර් 21 වැනි දා වියට්‌නාම් ජනතාවගේ "ආදරණීය හෝ මාමා" මියගියේ හෘදයාබාධයක්‌ වැළඳීමෙනි. "හෝ" ගෙනගිය අරගලය අඛණ්‌ඩව ඉදිරියට ගෙන ගිය ඔහුගේ සගයෝ හෝ ගේ මරණයෙන් සය වසකට පසුව එනම් 1975 දී නිදහස්‌ හා එක්‌සත් වියට්‌නාමයක අරුණලු දකින්නට සමත් වූහ.

වියට්‌නාමයේ අගනුවර වූ සයිගොන් හෙවත් වත්මන් හෝ චී මිං පුරවරයෙහි ඔවුන් එදා ප්‍රදර්ශනය කළ පෝස්‌ටරයක මෙසේ සටහන්ව තිබිණි.

"හෝ මාමේ
නිබඳවම අප සමඟ
යුද බිමෙහි රැඳී හිඳිනේය නුඹ"

වියට්‌නාමයේ අග නගරයෙහි හෝ චි මිං සොහොන් ගෙය තුළට ගියහොත් අද ද ඔබට ඔහුගේ සුරක්‍ෂිත නිසල දේහයට හිස නමා ආචාර කොට පැමිණිය හැකිය.

 අන්තර්ජාලය ඇසුරෙනි

සිහින විප්ලවය

විප්ලවය සිහිනයක්ම නොවීම උදෙසා.................